ගලවන්න පුලූවන්, දාන්න පුලූවන්, පුරවන්න පුලූවන්, මදින්න පුලූවන්. හැබැයි නරක් වෙනවා, පණූවො කනවා, වැටෙනවා. මෙහෙම කියාගෙන එද්දිම ඔබ දන්නවා දතක් ගලවන්න තමයි මේ හැරෙන්නේ කියලා. ඒ වුණාට ඉතිං වැඩක් නෑ. ඔබ හැමදාම නිකං හම්බවෙන අශ්වයාගේ කටේ දත් ගනින්න යනවනේ. දැන් පුලූවන් නං මෙයාගේ මූණ දිහා විනාඩි 5ක් ඉන්න... බෑ නේද?
මේ ඉන්නේ චීන වැසියෙක්. නම වූ සියෝයුං. දැන් වයස අවුරුද 65යි. කාගේවත් දතක් ගලවන්න ගිහිං නං නෙවෙයි මෙහෙම වුණේ. අවුරුදු 11දි වෘකයෙක්, කට කාපු නිසයි.
යාලූවෝ ‘වෘක කටා‘ කියලා විහිලූ කරන නිසා ඉස්කෝලේ යෑම නැවතුණා. ගැහැණු ළමයි මූණ බලනවා තියා ලගින් යන්නත් පිළිකුල් කරපු නිසා කසාද බදින්නත් බැරි වුණා. රස්සාවක් කරන්නත් බැරි වුණා. අන්තිමට රස්සාවයි පරස්තාවයි දෙකම නැතුව, ඔහු මනසින් ගොඩාක් දුක් වින්දා.
අපිට මෙයා දිහා බලන් ඉන්න අමාරුයි වගේම එයාටත් දත් මෙහෙම තියාගෙන ඡීවත් වෙන්න කොච්චර අමාරු ඇතිද. නිකමට හිතලා බලන්න වූ සියෝයුං කෑම කන විදහ. කට තිබුණත් දත් තිබුණත් ඔහුට කෑම කන්නත් මාර කට්ටක් කන්න වෙනවා.
හැබැයි මේ අසරණයට දැන් හරියන්න ලගයි. නෑ නෑ කසාදයක් නෙවෙයි, කට. දැන් තාක්ෂණය දියුණුයිනේ. මේකාලේ කරන්න බැරි මොනවද?
වෛද්‍ය චෙන් ෆෙයි සැත්කමක් මගින් මේ කට, කටක් කරන අභියෝගය භාරගත්තා. කියන විදහට අවුරුද 15ක ඔහුගේ වෛද්‍ය ඡීවිතේ අමාරුම සැත්කම මේක වෙයිලූ. කකුලේ සම යොදාගෙන වූ සියෝයුං ගේ කට හදන්නයි වෛද්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ.
කොහොම වුණත් මේ කට දැක්කම ඔබටත් හිතෙයි කට පරිස්සම් කරගත්තොත් හොදයි කියලා. ඇත්තටම ඒක හොද අදහසක්. ඔබට වගේම රටේ ඉන්න අයටත් ඒකෙන් සැනසීමේ ඉන්න පුලූවන් වෙයිනේ, නේද?