Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
මුහුණු පොතෙන් කෙල්ලෝ පෙන්නලා කොල්ලෝ රවට්ටන ඡාවාරමක සුල මුල හෙළිවෙයි - Photos

- මුහුණු පොතෙන් කෙල්ලෝ පෙන්නලා කොල්ලෝ රවට්ටන ඡාවාරමක සුල මුල හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,406 Views
මුදල් ලබා ගැනීමෙන් පසුව වෙනත් දුරකතන අංකයක් දීලා...

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නමක් දාගෙන ජාවාරම කරගෙන ගිහින්..

අන්තර්ජාලයෙන් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් එයින් කැමැති කාන්තාවක් සමඟ හැසිරීමට හෝ රැයක් ගත කිරීමට හැකි බව පවසමින් 'ඊසි කෑෂ් මඟින් මුදල් ගරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බව වාර්තාවනවා.

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නමක් දමා ෆේස්බුක් ගිණුමක් සකස් කර මේ ජාවාරම හොර රහසේ සිදුකරගෙන යන බවයි පැවසෙන්නේ.

කාන්තාවන් විශාල පිරිසකගේ විවිධ ඡායාරූප එම ෆේස්බුක් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබෙන අතර එම කාන්තාවන්ගේ නම සහ සිටින ස්ථානය, වයස මෙන්ම එක් එක් කාන්තාවට වැය වන වියදමද එහි සඳහන්ව වනවා. තවද ගැනුම්කරුවාට තමන් කැමැති කාන්තාව සමඟ හෝ කිහිපදෙනකු සමඟ හැසිරීමට හැකි බවද මෙහි සඳහන් කර තිබෙනවා.

ගැණුම්කරු විසින් අදාළ ඡායාරූපයේ කාන්තාව තෝරා ගෙන එහි ඇති ජංගම දුරකතන අංකයට කතා කළ පසු ප්‍රථමයෙන් තමා ලබාදෙන අංකයට ඊසි කෑෂ් මඟින් මුදල් දමන ලෙස එම දුරකතන ඇමතුමේ සිටින පුද්ගලයා පවසන බවයි වාර්තාවන්නේ.

මුදල් දැමූ පසු සිටින ස්ථානය මෙන්ම ගැනුම්කරුට එම කාන්තාව සිටින හෝටලය දැනුම් දෙන බවද පැවසෙනවා.

එසේ මුදල් දමන්නේ නැතිව කාන්තාව සිටින ස්ථානය හෝ හෝටලය පැවැසිය නොහැකි බව පවසන අතර මුළු මුදල එකවර ඊසි කෑෂ් ලෙස දැමිය යුතුයි. මෙහි ඇති සියලුම කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට එකම ජංගම දුරකතන අංකයක් පමණක් එහි පවතින අතර ගැනුම්කරුවාට ඊසි කෑෂ් දැමීමට ඔවුන් විසින් වෙනමම අංකයක් ලබාදෙන බවද සඳහන් වනවා.

මේ ඡායාරූපවලට ලොල් වී මුදල් දැමූ බොහෝ දෙනකුට සිදුව ඇත්තේ මුදල් දැමූ පසු අදාළ අංකය හා සම්බන්ධ වීමට නොහැකිවීම සහ දින කිහිපයකින් එම අංකය ක්‍රියාවිරහිත කර කොහෙන්ද කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිව මුදල් විනාශ කර ගැනීමක් පමණයි.

රහසිගතව මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන ඔවුන් කරන්නේ මුදල් ලබා ගැනීමෙන් පසුව වෙනත් දුරකතන අංකයක් සඳහන් කර දින කිහිපයකින් පසුව ජාවාරම නැවත පවත්වාගෙන යෑම සිදු කරනවා.

මෙවැනි ජාවාරම්වලින් මුදල් වියදම් කරගත් තරුණයන්ද කෑගල්ල සහ වෙනත් ප්‍රදේශවල බොහෝ සෙයින් සිටින බවද මේ සම්බන්ධයෙන් දැනුවත් තරුණ තරුණියෝ සහ සමහර වැඩිහිටියන් පවසා තිබෙනවා.

මෙවැනි ජාවාරම් අනන්තවත් සිදු වෙන අතර බොහෝ ජංගම සේවා සහ මහජනතාව දැනුවත් කිරීමට හැකි සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් මේවා ගැන දැනුමක් නොමැති පිරිස් මෙවැනි ජාවාරම්වලට නිකරුණේ හසුවී මුදල් වියදම් කර ගැනීම සිදුකරනවා.

මෙවැනිම ආකාරයේ ඡාවාරමක් සිදුවන ෆේස්බුක් පිටුවක් පහතින් දැක්වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  222 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  241 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  16,802 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  1,963 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  2,578 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  3,308 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,161 Downloads

Dasin Wen Vee - Nadeeshan Wijerathne
Dasin Wen Vee
Nadeeshan Wijerathne
⤵  8,620 Downloads

Me Kandulu Adare - Gayan Suranga Silva
Me Kandulu Adare
Gayan Suranga Silva
⤵  3,073 Downloads

Hamuwu Da Sita - Dineth Aruthsha
Hamuwu Da Sita
Dineth Aruthsha
⤵  5,164 Downloads



Top 10 Commenters

Latest Comments

Top