Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
බඩවැලේ පිළිකා, දියවැඩියාව, මානසික වේදනා වැනි රෝග රැසකට ගුණ දෙන පැපොල්

- බඩවැලේ පිළිකා, දියවැඩියාව, මානසික වේදනා වැනි රෝග රැසකට ගුණ දෙන පැපොල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
ගස්ලබු එහෙමත් නැති නම් පැපොල් කියන්නේ බොහෝ අය කැමැත්තෙන් ආහාරයට ගන්න පළතුරක්. මේ පළතුර  සම පැහැපත් වෙන්න  භාවිතා කරනවා කියලයි බොහෝ අය හිතන්නේ. නමුත් පැපොල් ආහාරයට ගැනීමෙන්   බොහෝ ගුණදායි ප්‍රථිපල ලැබෙනවා. රෝග රැසකට පැපොල් භාවිතා කරන්න පුළුවන්.

• විටමින් සරුසාර පෝෂණ
පැපොල්වල කැලරි ප්‍රමාණය අඩුයි . එය විටමින් A වලින් සරුසාරයි . එසේම ඉදුණු පැපොල් කෑල්ලක් තුළ විටමින් C ද බහුලව තිබෙනවා . විටමින් Bවල අත්‍යවශ්‍ය කාණ්ඩ ගණනාවක්ම එහි අන්තර්ගතයි.

ෆෝලික් අම්ලය, තයමින් හෙවත් B1, රයිබෝ ෆ්ලෙමින් හෙවත් B2, පැන්ටෝතෙනික් අම්ලය හෙවත් B5 සහ පිරිඩොක්සින් හෙවත් B6 එලෙස අන්තර්ගත ද්‍රව්‍ය මෙහි අඩංගුයි.

ඒ හැර පැපොල් යනු ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත ආහාරයක් . ඒ තුළ මැග්නීසියම් පොටෑසියම්, තඹ මෙන්ම විටමින් K ද අන්තර්ගතව තිබෙනවා.

• ඇසට ගුණයි
විටමින් A සරුසාර නිසාම, එය ඇසට ගුණදායකයි වගේම වයසත් සමග ඇතිවන මාංශපේශි දුර්වලවීම සහ දිරාපත්වීම අවම කිරීමට මේ තුළ අඩංගු සේසැන්තීන් සහ ලුටින් සමත් වෙනවා.

• ප්‍රතිශක්තිය ඉහළ දමයි
විටමින් C, විටමින් A, සරු නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත්ව ක්‍රියාත්මකව තබන්න සමත් වෙනවා . මේ නිසා පැපොල් රෝගාබාධවලින් වැළකීමටද උපකාරයක් වෙනවා.

• බඩවැලේ පිළිකා නසයි
කෙඳිතිවලින් සාර නිසා බඩවැල් තුළ පිළිකා කාරක රැඳීම වළක්වයි. පැපොල් තුළ සරු විටමින් C, විටමන් E, බීටා කැරොටින්, ෆෝලේට් ආදිය පිළිකා නාශක ගුණයෙන් අනූනයි.

• හෘද රෝගවලට ගුණයි
ප්‍රතිඔක්සිකාරක වන බීටා කැරොටින් සහ ලයිකෝපින් මෙන්ම විටමින් C සහ E ආදිය නිරෝගී නහර පද්ධතියක් පවත්වා ගැනීමට ආධාර වන්නේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමෙන් . ෆෝලීක් අම්ලය මගින් හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමද සිදුවෙනවා . පැපොල්වල අන්තර්ගත කෙඳිති නරක කොලෙස්ටරෝල් LDL අඩු කිරීමට උපකාරී වෙනවා . පැපොල් තුළ පොටෑසියම් සරු නිසා රුධිර පීඩනය සහ ස්පන්දනය නිරෝගීව තබා ගැනීමටත් සමත් වෙනවා . ඉදුනු පැපොල්වලටත් වඩා අමු පැපොල්වල පොටෑසියම් බහුලයි.

• දීප්තිමත් සමක්
ප්‍රතිඔක්සිකාරක වන විටමින් C සහ E මෙන්ම කැරොටිනොයිඩ නිසා සෛල වයසට යාම වළක්වයි. මෙනිසා සමරැලි වැටීම දුර්වර්ණ වීම නවතියි.

• දියවැඩියාවට ගුණයි
පැණි රස වුණත් මෙහි ඇත්තේ අඩු ග්ලූකෝස් ප්‍රමාණයක්  නිසාම එය දියවැඩියාව ඇති රෝගීන්ට ගුණදායකයි . මෙහි ඇති ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණයද සමබල පෝෂණයකට උපකාරි වෙනවා.

• මාසික වේදනාවට සහනය
කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ඇති දිනවල පැපොල් වැඩියෙන් ආහාරයට ගතහොත් එය ඒ දිනවල ඇතිවන වේදනාව සමනය කරනවා . පැපොල් තුළ ඇති එන්සයිම සරු බව නිසයි එවැනි ප්‍රථිපලයක් හිමි වෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top