Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
අයියම ලියලා අයියම සංගීතවත් කරපු ගීත විකුණලා හරි මම මේ මුදල හොයනවා - ප්‍රින්ස්ගේ සහෝදරිය ශිරෝමි ප්‍රියංගිකා - Photos

- අයියම ලියලා අයියම සංගීතවත් කරපු ගීත විකුණලා හරි මම මේ මුදල හොයනවා - ප්‍රින්ස්ගේ සහෝදරිය ශිරෝමි ප්‍රියංගිකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,287 Views
රෝාගාතුරුව සිටින ප්‍රින්ස් රැකගන්න සහෝදරිය ගීත ගායනයට...

"රසිකයන්ට ගායකයෙක් වෙන්න කලින් එයා මගේ සහෝදරයා"

ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් ආදරණීය කලාකරුවා ගායනයෙන් සිය රසිකයන් මුසපත් කළ ගායකයෙක්. ඔහු අද සිටින්නේ රෝගාතුරව බව අප කිහිපවතාවක්ම වාර්තාකලා. . මේ වන විට රෝගාතුරව ඉන්න ඔහු ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර පැතිරුණා. ඒ වගේම ප්‍රින්ස් ගායනා කළ ගීත දෙකක් විකීණිමට යන බවද පැවසුනා. මේ සියළු තොරතුරු ගැන ඔහුගේ සහෝදරිය වන ශිරෝමි ප්‍රියංගිකා දිනපතා පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් දැක්වේ.

මේ දවස්වල ප්‍රින්ස් ගැන මොකද්ද මේ පැතිරෙන කට කතාව?
අයියා මිය ගිහින් කියලා Face book හරහා කතාවක් ප්‍රචාරය වෙලා තිබුණා. මම දැක්කා සමහරු ඒවයේ නිවන් සුව ලැබේවා කියලා Comment කරලත් තියෙනවා. ඉතින් ජීවත්ව ඉන්න කෙනෙක් ගැන මේ වගේ අසත්‍ය ප්‍රචාර ගෙනියන එක හොඳ දෙයක් නොවෙයි. මේ දේවල්වලින් වෙන්නේ අපිව තවත් වේදනාවට පත්වෙන එක විතරයි.

අද වෙනකොට ඇත්තටම ප්‍රින්ස් ඉන්නේ මොනවගේ තත්ත්වයකද?
දැන් නම් ඇත්තටම අයියා ඉන්නේ සිහිකල්පනාව පවා නැති වුණ තත්ත්වයක. කොටින්ම මාව හඳුනන්නෙත් නැති වෙන වෙලාවල් තියෙනවා. පසුගිය දවස්වල නම් ටිකක් ඇවිදින්න හරි පුළුවන්කම තිබ්බා. නමුත් මෑතකදී නිව්මෝනියාව හැදුණ නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරිලයි තියෙන්නේ.

ප්‍රින්ස්ගේ ගීත දෙකක් විකුණන්න හදනවා කියන්නේ ඇත්තද?
ඔව්, අයියගේ ප්‍රතිකාර වෙනුවෙන් ලක්ෂ 25ක් විතර වැය වෙනවනෙ. ඉතින් ඒ දේත් එක්ක මම හිතුවා අයියම ලියලා අයියම සංගීතවත් කරපු අයියගේ ගීත විකුණලා හරි මම මේ මුදල හොයනවා කියලා.

එතකොට ඔය විදියට විකුණන්න ලෑස්ති වෙන ගීත මොනවද?
අයියගෙම ගීත වෙච්ච, "ඔබ හා ගෙවූ අතීතේ" කියන ගීතයත් "ඔබ මා හදින් සැඟවී නොයන්" කියන ගීතයත් තමයි මේ විදියට විකුණන්න තීරණය කළේ.

ඔය ගීත දෙකම ඇහුණු ගමන් මිනිස්සුන්ගේ හදවතේ මැවෙන්නේ ප්‍රින්ස්ව. ඉතින් මේ වගේ ගීත දෙකක් විකුණන්න තීරණය කරපු එක ප්‍රින්ස්ට වගේම ඔහුගේ රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?
රසිකයන්ට ගායකයෙක් වෙන්න කලින් එයා මගේ සහෝදරයා. ඉතින් දැන් මගේ අරමුණ ප්‍රින්ස්ගේ ගීත රැක ගන්න එක නෙවෙයි. මම දැන් අයියගේ ජීවිතේ වෙනුවෙන් ගන්න තීරණ අනුව තමයි ඉස්සරහට රසිකයන්ට අයියගේ හඩින් ගීත අහන්න ලැබෙනවද? නැද්ද? කියන එක තීරණය වෙන්නෙත්. ඉතින් ගීතවලට වඩා මට මගේ අයියගේ ජීවිතය වැදගත්.

මේ මුදල් හොයා ගන්න වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?
අපි දෙන්නටම අයිති ඉඩකඩම් විකුණලා තමයි අයියා වෙනුවෙන් මේ වෙනකම්ම සල්ලි හොයා ගත්තේ. ඉතින් මට ගන්න වෙන විකල්ප තීරණයක් නැති නිසයි මේ ගීත විකුණනවා කියන තීරණයට ආවේ.

ඔබ ප්‍රින්ස්ගේ ගීත ගයන්න ලෑස්ති වෙනවා කියලත් ආරංචියි?
මෙහෙමයි. මට ගායිකාවක් වෙන්න ලොකු ආසාවක් නැහැ. ඉස්සර තිබුණෙත් නැහැ. මං පොඩි කාලෙදිත් අයියා මට නිතරම කෑ ගහනවා ඔයා ප්‍රැක්ටිස් කරන්නෙ නෑ. ඔයාට සංගීතය ගැන වුවමනාවක් නෑ කියලත්. නමුත් අයියාගේ ගීත ගායනා කරමින් සමහරු කරන දේවලුත්, දැන් ඇති වෙලා තියෙන මූල්‍ය අර්බුදත් නිසා මම තීරණය කළා ගායනයට පිවිසෙන්න ඕනෙ කියලා.

අයියාගේ ජනප්‍රියත්වයෙන් නංගී ජනප්‍රිය වෙන්න හදනවා කියලා කවුරු හරි කිව්වොත්?
අනේ නැහැ. මට ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම සංගීතය විශාරද වෙනකන් ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඒ දැනුමෙනුත් ප්‍රයෝජනයක් අරන් අයියගේ ගීත වලින් ලැබෙන හැම සතේකින්ම අයියව ජීවත් කරවන්නයි මට ඕනේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,765 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,714 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,410 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,725 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,215 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,823 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,995 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,884 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top