Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
කසාද නොබැන්දාට අපි දෙන්නා හැමදෙයක්ම ෂෙයාර් කරගන්නවා - දමිතා අබේරත්න - Exclusive-Photos

- කසාද නොබැන්දාට අපි දෙන්නා හැමදෙයක්ම ෂෙයාර් කරගන්නවා - දමිතා අබේරත්න - Exclusive-PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100,743 Views
"ජීවිතය  විකුණනවට වඩා හොදයි පිටරට ගිහින් ටොයිලට් හේදුවත්.."

"අවුරුදු 35ක් පුරාවට මම රගපානවා.."

දමිතා අබේරත්න කියන්නේ ලංකාවේ කලාත්මක නිර්මාණ බොහෝමයක සිය රංගන දායකත්වය ලබා දුන් සම්මානණිය රංගන ශිල්පිණියක්. වසර 35ක කාලයක් ඇගේ රංගනය රංගන ක්ෂේත්‍රයට ලබා දී තිබෙන නිසා ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එකසේ ජනප්‍රිය දමිතාගේ තොරතුරු හිරු ගොසිප් තුළින් කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇය හිරු ගොසිප් එක්ක කළ සංවාද සටහනයි.



දමිතා මේ දවස්වල කාර්යබහුල ජිවිතයක් ගත කරන රංගන ශිල්පිණියක් වෙලා නේද..?
අවුරුදු දෙකක කාලයක ඉදලා එක දිගට කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

අලුත් නිර්මාණවලින් දකින්න ලැබෙනවද ඉදිරියේදීත්..?
ඔව්. මේ දවස්වල ලස්සන කතාවක් තියෙන පිටපතක වැඩ කරගෙන යනවා. මම රගපාන්නේ වලව්වක චරිතයක්.හමේ වර්ණය අඩු කැත කාන්තාවක්  ඇගේ අවලස්සන නිසා මුහුණ දෙන සිදුවීම් සහිත ජිවිතයක් මම රගපාන්නේ. ඒ චරිතයෙන් අභ්‍යන්තර හැගීම් කියවෙන්නේ. කාලෙකට පස්සේ ලස්සන චරිතයක් ලැබුණා. ඒ නිර්මාණයෙන් දකින්න පුළුවන් ඉදිරියේදී.

සිනමාවට වේදිකාවට දැන් ඇරයුම් ලැබෙනවා අඩුද...?
වේදිකා නාට්‍යවලට නම් සම්බන්ධ වෙනවා අඩුයි. වෙලාවක් නැති නිසා. මේ දවස්වල ජෝඩු ජෝඩු නාට්‍ය වේදිකා ගත කරනවා. සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. සිනමාවට ආරාධනා ලැබෙනවා ටිකක් අඩුයි. මම හිතන්නේ සිනමා නිර්මාණ බිහිවීමේ අඩුවක් තියනවා. ඒ නිසා වෙන්න ඇති.

දමිතා කියන්නේ වාණිජ නිර්මාණ වලට වඩා කලාත්මක නිර්මාණ වලින් දකින්න ලබන කෙනෙක්. ඔබේ රංගනයේ පැවැත්මටත් ඒක හේතුවක් වුණා කිව්වොත්...?
අදටත් මට ලැබීම තියෙන්නේ ඒ නිසයි. දමිතා අබේරත්න කියන චරිතයට වටිනාකමක් ලැබුණේ දක්ෂ නිර්මාණකරුවෝ අධ්‍යක්ෂණය කළ නිර්මානාත්මක චරිතවලට මට අවස්තාවක් නිතරම ලැබුණු නිසයි. ඒ හරහා මගේ දක්ෂතා පෙන්නන්න පුළුවන් වුණා. මම රංගනයට ඇවිත් අවුරුදු 35යි. මේ ගමන ලෙහෙසි පහසු වුණේ නැහැ. මට ලැබුණු හැම චරිතයකටම මම හැමදාමත් සාධාරණ රංගනයක් ලබා දුන්නා. ඒ නිසා මගේ පැවැත්ම ගොඩ නැගුණා. රංගන ශිල්පිණියක් විදිහට ඒ නිසා මට සතුටු වෙන්නත් පුළුවන්කමක් ලැබිලා තියනවා. මේ ගමනේදී මට  සම්මාන 33ක් ලැබුණා. අන්තර්ජාතික සම්මාන දෙකක් එක්ක.

අද කාලේ ජනප්‍රිය වෙන්න හෝ පැවැත්ම හදාගන්න ගිහින් බොහෝ තරුණියන් අමාරුවේ වැටෙනවා. චෝදනාවක් තියනවා නවක නිළියන්ගෙන් අධ්‍යක්ෂකවරුන්ගෙන් අයුතු යෝජනා එනවා කියලා. දමිතාත් ඒ විදිහට අපහසුතාවයට ලක් වෙලා තියනවද..?
මම රගපාන්න එන්නේ මට වයස අවුරුදු 7ක් තියෙද්දී. මම තරුණ කාලේ මේ ක්ෂේත්‍රයේ හිටපු ඉන්න හැම කෙනෙක්ම හොදින් අදුරනවා. හිතවත්. ඒ නිසා ඒ වගේ බලපෑම් එන්න හිස්තැනක් මට ඇති වුණේ නැහැ. ඇති කරගත්තෙත් නැහැ. දැන් නවක නිළියන්ට වෙන දේ ගැන අහන්න දකින්න ලැබෙනවා. දක්ෂ නම් ඉබේටම තැනක් ලැබෙනවා. කොහොම නමුත් රංගනය තුළ පැවැත්ම හදාගන්න කියලා අනවශ්‍ය විදිහට හැසිරෙන එක නම් හොද දෙයක් නෙමෙයි.ජීවිතය  විකුණනවට වඩා හොදයි පිටරට ගිහින් ටොයිලට් හේදුවත්. ඒක නම්බුකාරයි.

ඔබ නර්තනයටත් දක්ෂයි. දැන් නටන්නේ නැද්ද...?
නටන එක නතර කරලා තිබුණා. දැන් මගේ නැටීමේ ජවයත් අඩු වෙලා කියලා මටම තේරිලා තියනවා. ඒ නිසා අයෙමත් නටන්න පටන් ගන්න ඕන. මම හිපොප් නර්තන පංතියකට යන්න හිතාගෙන ඉන්නේ. නර්තනයෙනුත් මානසික සුවයක් ලැබෙනවා.

හැමදාමත් කල් යන දමිතාගේ ආදරේ ගැන කතා කළොත්..?
මමයි මගේ පෙම්වතයි සතුටින් ජිවත් වෙනවා. අපේ ආදරේට දැන් වයස 14යි. ඒත් සතුටින් ඉන්න පුළුවන් වෙලා තියනවා. මම හැමදාමත් හිතුවේ මගේ විවාහ ජීවිතය ලස්සනට තියෙන්න ඕන කියලා. මම කැමැත්තෙන් හිටපු ඒ දේ මට පරක්කුයි. මොකක් හෝ හේතුවක් නිසා විවාහය කල් යනවා. හැමෝම සර්වසම්පුර්ණ කරන්නේ නැහැ දෙවියෝ කියන කතාව ඇත්ත. මට ඒ දේ සම්පුර්ණ කරගන්න බැරි වුණා. මගේ හදහනෙත් විවාහයක් ගැන හරියට පෙන්නන්නේ නැහැ. කසාදය කියන දේ කොලේක ලියවුණේ නැති වුණාට අපි දෙන්නා හැම දෙයක්ම ෂෙයාර් කරගන්නවා. විවාහය වෙන දවසක හොද විදිහට වෙයි.

විවාහ වුණාට පස්සේ දමිතාව රංගනයෙන් දකින්න නොලැබෙන නිසාද දැන් කාර්ය බහුල වෙලා ඉන්නේ...?
මම විවාහ වුණත් රගපානවා. මම මැරෙනකල්ම රගපාන එක අත් හරින්නේ නැහැ. රංගනය කියන්නේ මගේ ජිවිතේ වගෙයි.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Wen Wenna Nam - Manjula Thushara Jayathilaka
Wen Wenna Nam
Manjula Thushara Jayathilaka
⤵  1,337 Downloads

Maa Dawa - Nuwan Deshapriya
Maa Dawa
Nuwan Deshapriya
⤵  1,498 Downloads

Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  5,243 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  1,286 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,761 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,403 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,611 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,689 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,688 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,893 Downloads



Top 10 Commenters

Latest Comments

Top