Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් - Video

- දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,382 Views
"කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13.
1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ"


"පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ"

ලොව බිහිවී ඇත්තේ හිරු කිරණින් සහ මව් කිරෙන් යන්න ලොව පිළිගත් සංකල්පයක්.

එවන් උතුම් වු මව් පදවිය වෙනුවෙන් වෙන්වූ ලෝක මව්වරුන්ගේ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. එම දිනයේදී ඇසුණු දුක්බර කතාවක් මෙන්ම සතුටු කතාවක් පහතින් දැක්වේ.

ලෝක මව්වරුන්ගේ දිනය යෙදෙන අද, දරුවන් විසිදෙනෙකු ලොවට බිහිකල ආදරණීය මවක් දඹුල්ල - ගලේවල - බඹරගස්වැව ප්‍රදේශයෙන් අපට හමුවුණා.

78 හැවිරිදි වියේ පසුවන එච්.ඒ. රොසලින් නෝනා නැමැති මෙම මවගේ ස්වාමිපුරුෂයාගේ වයස 86ක්.

මෙම යුවලට දරු මුණුබුරන් 78 දෙනෙකු සිටිනවා.

දරුවන් 20 දෙනා බිහිකිරිම සඳහා තමන් කිසිදු අවස්ථාවක රෝහල් ගත නොවූ බවයි ඇය පවසන්නේ.

සැමියා කුලී වැඩවල නිරතවෙමින් දැඩි ආර්ථික අපහසුතා මැද දරුවන් පෝෂණය කිරීම සිදුකල බව ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

දරුවන් 20 දෙනෙකු නොව දරුවන් 24 දෙනෙකු මෙලොවට බිහිකිරිමට තමන් බලාපොරොත්තුව සිටිය ද එය ඉටු කර ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස්වලට අනුවයි.

දරුවන් 20 දෙනෙකු මෙලොවට බිහි කළ එච්.ඒ. රොසලින් නෝනා නැමැති මාතාව ලෝක මව්වරුන්ගේ දිනයේ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

ඇය කියා සිටියේ දරුවන් 20 දෙනෙකු මෙලොවට බිහි කිරීම ගැන තමන් සතුටු වන බවත් සිය ස්වාමි පුරුෂයා සමඟ තමන් තවමත් නිරෝගීව ජීවත් වන බව ද ඇය සතුටින් ප්‍රකාශ කළා.

"කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13. 1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ. 20 වැනියා 82 ජනවාරි 27. ඒ කාලේ කන්න බොන්න නෑ. හරි අමාරුයි ඉතින්. මට කිසිම අසනීපයකුත් නෑ. පුතාලගේ තාත්තටත් එහෙමයි. පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ".

සියලු දරු මුණුබුරන්ගේ ආදරය මැද ඉතා නිරෝගී වාසනාවන්ත දිවි පෙවතක් ගෙවන මේ මාතාව තවමත් තම දරු මුණුබුරන්ට දක්වන ආදරය, කරුණාව මුළුමහත් සමාජයටම හොඳ උදාහරණයක්.

අද සමාජයේ දක්නට ලැබන මව්වරුන්ගේ ප්‍රතිරූපය පිළිබඳ මේ ආදරණීය මාතාව සිය අදහස් පළ කළේ මෙලෙසින්.

"බලන්න අද ටීවිවල දාන ඒවා. හැම අම්මා කෙනෙක්ගේම හදවත් උණුවෙන්නේ නෑ නේද".

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,468 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,303 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,488 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,030 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,963 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,474 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,888 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,173 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,554 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,585 Downloads



Top 10 Commenters

Latest Comments

Top