Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
‘‘ලිංගික කුහකකමක් වගේම වෛරයත් එකතු කරලා මේවා කරන්නෙ“ - සමනලී ෆොන්සේකා

- ‘‘ලිංගික කුහකකමක් වගේම වෛරයත් එකතු කරලා මේවා කරන්නෙ“ - සමනලී ෆොන්සේකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77,030 Views
‘‘මේ මගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම“
‘‘මම ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පිනියෙක් වීම තමා ප්‍රශ්නෙ“
‘‘අපි කිසිම පක්ෂයකට පක්ෂව කතා කරලා නෑ..“

සමනලී ෆොන්සේකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා.

ඒ වගේම ඇයට දැඩි විවේචනද එල්ල වුණා. ඒ චෝදනාවලට සමනලී සති අන්තපුවත්පතකින් පිළිතුරු දී තිබුණේ මේ විදිහට.

මොනවද අලුත් වැඩකටයුතු?
චිත්‍රපට දෙකකට  ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ ළඟදී පටන් ගනීවි. රංගනය පැත්තෙන් තමයි කාර්ය බහුල වෙලා ඉන්නේ.

නිර්මාණවලට දායක වීමේදී සමනලීටත් යම්කිසි සීමාවක් තියෙනවද?
ඔව්. මම නිතරම උත්සහ  කරන්නේ මට අභියෝගයක් වෙන චරිත සඳහා රංගනයෙන් දායකවෙන්න.  හොඳ තිර පිටපතකට වැඩ කරන්නයි හැම වෙ‍ලේම උත්සාහ කරන්නේ.

ඕනම කෙනෙක්ට සමාජයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවද?
ඔව්. අපේ රටෙත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබුණත් ඇතැම් වෙලාවලදී ඒ සඳහා මර්දන බලයකුත් ක්‍රියාත්මක වෙනවා.

තමන්ට මතයක් තියෙන්න පුළුවන් වුණත් එවැනි  මත සමාජමය ගැටලු දක්වා දුරදිග යනවා. ඒ ගැන සමනලී මොකද හිතන්නේ?
මේක කාලයක් තිස්සේ පැවති ගැටලුවක්. තවත් කෙනෙක්ගේ වෙනසක් දරාගන්න බැරි ජාතිවාදය අවුළුවන අයයි මෙවැනි දේ කරන්නේ.

මීතොටමුල්ල කසළ කන්ද ගැන ෆේස්බුක් සමාජ ජාලයේ වෙනත් කෙනෙක්ගේ මතයක් ෂෙයා කරපු නිසා ඔබ ගැන වැඩිපුර කතාබහ වෙනවා කීවොත්?
මේක බොරු චෝදනාවක්. එහෙම දෙයක් ප්‍රකාශ කරලාවත් ලියලාවත් නැතුව මම එහෙම දෙයක් කළා කියන මතයක් එළියට දාන්න උත්සාහ කරනවා. එක්තරා කණ්ඩායමක් තමයි මට විරුද්ධව මේ ක්‍රියාමාර්ගය ගන්නේ. මේ සිද්ධියත් සමග ඔවුන් අපකීර්තියට පත්වුණා. ලිංගික කුහකකමක් වගේම වෛරයත් එකතු කරලා තමයි ඔවුන් මේ දේ කරන්නේ. මෙ ගැන කලකිරීමක් නෑ. මේ විරෝධතා එන්නේ අපේ දෙමව්පියන්ගෙන් නෙමේ.  අවුරුදු  දහසයේ ළමයින්ගෙන්. මේ වගේ පසුගාමී සමාජයක් තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා අපේ රට ගැන දුකක් තියෙනවා.

බෞද්ධ සංස්කෘතියට අපහාස වන ලෙස ක්‍රියාකළ නිසා ඔබට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා ප්‍රකාශ කරලා  තිබුණා?
එහෙම ප්‍රකාශ කර තිබුණත් මට කවුරුවත් කතා කළේ නෑ. ඒ පිරිස මට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් තවම මට කැඳවීමක් කළේ නෑ. මේ වගේ දේකට කොහොමද කෙනෙක්ව අත්අඩංගුවට ගන්නේ. ප්‍රශ්න කරන්නේ. එවැනි නීතියක් කොහෙද තියෙන්නේ කියලා තමයි අහන්න වෙන්නේ.

අතීතයෙන් මෙවැනි සීමා කිරීම්වලට ඔබ ලක්වෙලා තියෙනවද?
ගැහැනියක් නිසා මර්දනය බලය  මා වෙත පාවිච්චි කරලා තියෙනවා. මර්දන බලයට බය වෙන්න ඕන නෑ. හුඟක් සමාජවල මෙවැනි දේ වෙනවා.

ඔබේ ෆේස්බුක් ගිණුම කිහිපවතාවකදීම අත්හිටුවලා තිබුණද?
ඔව්. මේ මගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම. මෙහෙම වෙන්නේ පළිගැනීම නිසා හෝ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම නිසා වෙන්න ඇති. ඒ ගැන දුක්වෙන්නේ නෑ. මොකද ෆේස්බුක් එකනෙමේ ජීවිතේ හැම දේම.

කලින් ෆේස්බුක් ගිණුම් තුනම තහනම් වෙන්න හේතු වුණේ මොනවද?
අලුත්ගම ඇත්වුණ මුස්ලිම් සිංහල ප්‍රශ්නයට අදහස් දැක්වීම නිසා ෆේස්බුක් ගිණුම නතර කළා. ඡන්ද ආවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරද්දී නැවත මගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවලා තිබුණා.

සමනලීගේ ජනප්‍රියත්වය නිසාද මෙවැනි දේ වෙන්නේ?
මම හිතනවා ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පිනියෙක් වීම තමයි ඒ අයට ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ කියලා.

සමනලී නියෝජනය කරපු අලුත් පරපුරට මොනවද වුණේ?
තවම අලුත් පරපුර තියෙනවා මේ දිනවල යාපනයේ ‍ලේඛකයන්ගේ ‍පොත් සිංහලට පරිවර්තනය කරනවා. ඒ මිනිස්සුන්ගේ අදහස් හුවමාරු වෙලා නෑ. ඒකයි මෙහෙම දෙයක් කරන්නේ. අපි අලුත් පරපුර නමින් සඟරාවක් පළ කරනවා. අපි හැමෝම වෙනත් වැඩවල නිරත වෙලා වැඩ කරන නිසා සෙමින් තමයි  අපේ ගමන යන්න වෙන්නේ.

අලුත් පරපුරටත් ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?
නෑ. අපි කිසිම පක්ෂයකට පක්ෂව කතා කරලා නෑ. එක පාරක් ඇරෙන්න දේශපාලන වේදිකාවලට නැගලා නෑ. මැයි පෙළපාළිවලට සහභාගිවෙලා නෑ. එහෙම පක්ෂයක් බදාගෙන වැඩකරන්නෙ නෑ අපි. පටු  දේශපාලන අරමුණින් අපි වැඩ කරන්නේ නෑ. ස්වාධීනව සංවිධානයක් විදියටයි අපි වැඩකරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,758 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,698 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,409 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,719 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,213 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,822 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,995 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,884 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top