Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
හිරු උත්තම ධාතු වන්දනාවට වාර්තාගත ජන ගඟක්...!! - Video & Photos

- හිරු උත්තම ධාතු වන්දනාවට වාර්තාගත ජන ගඟක්...!! - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,530 Views
"රෑ එළි වෙනකන් හරි ඉඳලා වැඳලම තමයි යන්නේ"

"මම ජීවමාන බුදුරජානන් වහන්සේට වන්ඳනාමාන කෙරුවා අද"

"හිරු මේ කරන්නා වූ මහඟු සේවාව හිරුගේ රශ්මිය මේ පොළෝතලයට වැටුනා හා සමානව මේ පිංකඳ සියළුම දෙනාට අනුමෝදන් වෙන්න ඕන"

උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය වන අදත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කුරුණෑගල - රිදී විහාර පින් බිම වෙත පැමිණෙමින් සිටිනවා.


ඒ, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින්.

ඔවුන් වෙනුවෙන් සියළු පහසුකම් හිරු සංවිධාන කර තිබෙනවා.  

හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය කුරුණෑගල රිදී විහාර පින් බිමේදී ඊයේ (11) අලුයම ආරම්භ කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.

ඔවුන්ගේ සාධු නද මධ්‍යයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පෙරේදා රාත්‍රියේ සිට පැමිණ දිගු පොලිම් වල රැදි සිටියේ කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දමාන කිරිමේ පින්බර අපේක්ෂාවෙන්.

මේ වන විටත් කිලෝ මීටර් ගණනාවක් දුරට සැදැහැවතුන් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට පෙළ ගැසී සිටින්නේ මෙරට ධාතුන් වහන්සේ වන්ධනාමාන කිරීම සඳහා පැමිණි වැඩිම සැදැහැවතුන් සංඛ්‍යාව සනිටුහන් කරමින්.

දැඩි අව් රශ්මිය නොතකමින් කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරිමට දිගු පෝලිම්වල රැදි සිටින සැදහැවතුන්ට අහාර පාන ලබාදිමට ප්‍රදේශවාසින් සහ විවිධ ආයතවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටීම ද විශේෂත්වයක්.

අදත් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා උදෑසන සහ දහවල් බුද්ධ පූජාව සහ ගිලන්පස පූජා කිරීම සිරිත් පරිදි සිදුවුණා.

හෙට අලුයම දක්වා රිදී විහාරයේ තැන්පත් කර තැබෙන කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පසුව රිදිගම  - කුරුණැගල - වාරියපොල - පාදෙණිය යන නගර ඔස්සේ පෙරවරු 9.30 පමණ පාදෙණිය රජමහා විහාරස්ථානයට වැඩම කරවීම සිදු කෙරෙනවා.

එම විහාරස්ථානයේදි කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හෙට දහවල් 12.30 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර අනතුරුව පාදෙණිය - විතිකුලිය සහ කොබෙයිගනේ පසුකර කොබෙයිගනේ - කට්ටාපිටිය විහාරස්ථානයට පස්වරු 1.30 ට ධාතූන් වහන්සේ වැඩම කරවනවා.

එම විහාරස්ථානයේදි හෙට පස්වරු 5.30 දක්වා තැන්පත් කර තැබෙන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුව පඬුවස්නුවර - හෙට්ටිපොල - කුලියාපිටිය - පන්නල - දිවුලපිටිය යන නගර පසුකර හෙට රාත්‍රියේ දිවුලපිිටිය ප්‍රියදර්ශනාරාමයට වැඩම කරමවීමට නියමිතයි.

අනිද්දා උදෑසන 7.30 දක්වා එම විහාරස්ථානයේදී කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමට හිරු සියලු කටයුතු සූදානම් කර අවසන්.



මේ එම උතුම් පිංකමේ ඡායාරූප එකතුවයි....

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,206 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,559 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,911 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,204 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,126 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,806 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,296 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,055 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,770 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,449 Downloads



Top 10 Commenters

Latest Comments

Top