Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
නැති බැරිකම් මැද විදෙස් ගතවූ නොච්චියාගම දෙදරු මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම - Photos

- නැති බැරිකම් මැද විදෙස් ගතවූ නොච්චියාගම දෙදරු මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,736 Views
ගෙහිමි කාන්තාවගේ සහ පිරිමියාගේ පහර දීමෙන් මාස දාහතක කාලයක් ඔත්පළව ඉඳලා...

නංගි කරදර තියෙන බව කියපු අවස්ථාවේ අපි කියපු දේ කවුරුත් ඇහුවේ නැහැ

ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගොස් සිටියදී ගෙහිමි කාන්තාවගේ සහ පිරිමියාගේ පහර දීමෙන් මාස දාහතක කාලයක් ඔත්පළව සිටි තිස් දෙහැවිරිදි කාන්තාවක් මිය යෑමේ පුවතක් නොච්චියාගම කොකුන්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සුෂුම්නාව බිඳී යෑමේන් ඔත්පළව සිටි සුජානි රාජපක්ෂ නම් දෙදරු මවක් පසුගිය හතරවැනි දින සවස අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇති බවයි වාර්තාවුනේ.

ඇය කුවේට් රටෙහි සේවයට ගොස් සිටි බවයි. ඇය සේවය කළ නිවෙස හිමි යුවළ විසින් කොස්සකින් හා පයින් අමානුෂික ලෙස පහරදී තෙමහල් ගොඩනැඟිල්ලක පඩිපෙළකින් තල්ලු කිරීමෙන් ඇයගේ සුෂුම්නාවට හානි සිදුවී ඔත්පළව සිටි බවයි ඥාතීන් පවසන්නේ .

පහරකෑමට ලක්ව වසරක පමණ කාලයක් එරට රෝහල් ප්‍රතිකාර ලැබූ බවත් ලංකාවට රැගෙන ඒමෙන් පසුව කොළඹ සහ අනුරාධපුර යන රෝහල්වල මාස පහකට ආසන්න කාලයක් ඇය ප්‍රතිකාර ලැබූ බවත් ඥාතීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

මියගිය අයගේ සොයුරිය වන කොකුන්නෑව පදිංචි බී. නිලන්ති රාජපක්ෂ අය මෙලෙස අදහස් දක්වා තිබෙනවා...

"නංගිලාට ස්ථිර නිවෙසක් තිබුණේ නැහැ. එයාට ගේ හදා ගන්න වුවමනාවක් තිබුණා. ගොවිතැන් පාළු වුණ නිසා ණය ටිකකුත් තිබුණා. මහත්තයාට ස්ථිර රැකියාවක් නැහැ. ඒ නිසා තමයි එයා රට යන්න තීරණය කළේ. අනුරාධපුර ඒජන්සියකින් තමයි එයා රට ගියේ. 2014.12.18 එයා රට ගියා.

මාස දෙකක් විතර එයා ගැන තොරතුරක් තිබුණේ නැහැ. පස්සේ නංගිගේ මහත්තයා අනුරාධපුර ඒජන්සියට කිහිපවරක් ගිහින් තමයි තොරතුරු හොයා ගත්තේ. නංගි කතා කරලා කීවා එයාට කරදරයි ගෙන්න ගන්න කියලා. නැවත අපි එයාව රට යවපු ඒජන්සියට ගියා. එයාලා කීවා මුලදී එහෙම තමයි පසුව හරියයි කියලා. නමුත් නංගි දිගටම කීවා ගෙන්න ගන්න කියලා. ඒජන්සියට කියලා වැඩක් නැති නිසා නංගිගේ මහත්තයායි තාත්තයි අනුරාධපුර හා කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළා. අවස්ථා ගණනාවක් ගියා. ඒත් වැඩක් වුණේ නැහැ.

අපිට නංගිට කතා කරන්නවත් ලැබුණේ නැහැ. පස්සේ එයා වැටිලා එරට රෝහලක ඉන්නවා කියලා 2015.12.02 දැනගත්තා. ඒ වෙද්දි එයා රෝහල් ගත කරලා දින 22ක් ගතවෙලා. ඒ රටේ හිටපු ලංකාවේ කට්ටියකගෙන් තමයි අපි තොරතුරු දැනගත්තේ. නංගි ඒ රටේ රෝහලක ඉන්න ෆොටෝ අපි ගෙන්න ගත්තා. පස්සේ ඒ තොරතුරු මාධ්‍ය හරහා දැකලා තමයි විදේශ සේවා එකේ නෝනල අපට එන්න කීවේ.

අපි ඉල්ලුවේ අපිට නංගිව ගෙනත් දෙන්න කියලා. අපි එයාව ඉන්න තත්ත්වයෙන් හරි ගෙන්න ගන්න ගොඩක් මහන්සි වුණා. අවුරුද්දකට පස්සේ තමයි එයාව ගෙන්න ගන්න ලැබුණේ. 2016.12.26 එයා ලංකාවට ගෙනාවා. එයාට නැඟිටින්න බැහැ ඇඳක තමයි අරන් ආවේ. කොළඹ සහ අනුරාධපුර රෝහල්වල ඉඳලා එයා ගෙදර ගෙනාවා. ඒත් එයාට නැඟිටින්න බැරි වුණා. ඇඳේම තමයි හිටියේ. රෝද පුටුවක තිබ්බත් දෙතුන් දෙනෙක් අල්ල ගන්න ඕන. නිතර නිතර එයා රෝහලට ගෙනියන්න වුණා.

අනුරාධපුර රෝහලේ ඉද්දී තමයි එයා මිය ගියේ. නංගි මුලින්ම අපහසුවෙන් කතා කළා. පසුව එයාට කතා කරන්න පුළුවන්කම තිබුණා. ඒ නිවසේ ගොඩක් කරදර තිබුණා කියලා එයා කිව්වා. ගෙන්න ගන්න කීවෙත් ඒ නිසා කියලා එයා කීවා. දවසක් රෙදි හෝදලා හොඳ නැති බව පවසමින් එයා හිටපු නිවසේ කාන්තාව කොසු හතරක් කැඩෙනතුරු පහරදෙමින් පඩි පෙළකින් තල්ලු කළ බවත් කීවා. පසුව ගෙදර හිමි පුරුෂයාද පයින් පහර කිහිපයක් ගැසූ බවත් එල්ල කළ පා පහරක් වැදී පඩිපෙළ මත ඇද වැටුණු බව පමණක් මතක බවත් පැවැසුවා. පසුව ඇය කවුරුන් රෝහල් ගත කළාදැයි නොදන්නා බවත් පොලිස් නිලධාරීන් ඇය රෝහල් ගත කළ බව රෝහලෙන් පසුව දැනගත් බවත් පැවැසුවා.

නංගි කරදර තියෙන බව කියපු අවස්ථාවේ අපි කියපු දේ කවුරුත් ඇහුවේ නැහැ. අපිව රස්තියාදු කළා. එදා එයාලා ක්‍රියාත්මක වුණානං නංගිට අද මේ දේ වෙන්නේ නැහැ. අද දරුවො දෙන්නට අම්මෙක් නැහැ.

හරියට ජීවත් වෙන්න තැනක් නැහැ. නංගි ගොඩක් දුක් විඳලා මැරුණේ. එයාට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න දෙන්න එපා කියනවා. දෙයක් වුණාට පස්සේ නිලධාරි ඇවිත් අපිව සනසන්න හදනවාට වඩා දෙයක් වීමට ප්‍රථම ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් වටිනවා".

සුජානි රාජපක්ෂගේ අවසන් කටයුතු පසුගිය හයවැනි දින කොකුන්නෑව පොදු සුසාන භූමියේදී සිදුකළා...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  413 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  930 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,422 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  5,173 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  664 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,981 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,434 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  31,370 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,331 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  5,155 Downloads



Top 10 Commenters

Latest Comments

Top