Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
දුටුගැමුණු රජුන් නිර්මාණය කළ ඓතිහාසික රිදී විහාරයේ සෑ රදුන් ෂඩ් වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කළ අපේ කාලයේ දැවැන්තම පින්කම හිරු ශාක්‍යසිංහ මංගල්‍යය - Photos & Video

- දුටුගැමුණු රජුන් නිර්මාණය කළ ඓතිහාසික රිදී විහාරයේ සෑ රදුන් ෂඩ් වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කළ අපේ කාලයේ දැවැන්තම පින්කම හිරු ශාක්‍යසිංහ මංගල්‍යය - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,302 Views
සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් හිරු ටී.වී., සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාද මැද ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රිදී විහාර පින් බිමේදී සිදු කෙරුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් රිදී විහාර පින්බිමේ පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සිදුවූ අතර, අනතුරුව සුවිශේෂී දොළොස්මහේ පහනක්ද පූජා කෙරුණා. 

මෙම දොළොස්මහේ පහනේ විශේෂත්වය වන්නේ මෙහි එකතු වී පිටාර යන තෙල් විශේෂිත වූ ස්ථානයක තැන්පත් වී ඉන් අනතුරුව යම් මොහොතක මෙම පහනේ තෙල් හිඟ වූ අවස්ථාවක පිටාර ගිය තෙල් එකතු වූ ස්ථානයේ සිට නැවත තාක්ෂණික ක්‍රමවේද හරහා පහන දැල්වීම සඳහා තෙල් ගමන් කරන ආකාරයට නිර්මාණය කර තිබීමයි. ඒ නිසා මෙය සැබැවින්ම දොළොස් මහක් දැල්වෙන පහනක් වනවා.

එමෙන්ම හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ පහන් ලක්ෂයේ මහා ආලෝක පූජාව සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඓතිහාසික රිදී විහාර පූජා භූමිය ආලෝකමත් කරමින් ඊයේ (10) පස්වරු 6.30 ට පමණ පහන් ලක්ෂයේ ආලෝක පූජාව පැවැත්වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් පළමු පහන්සිල දැල්වීමෙන් අනතුරුව කුරුණෑගල රාජධානියේ ඓතිහාසික රිදී විහාර පූජා භූමියට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ඊට එකවුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් දැල්වෙන ෂඩ් වර්ණ ආලෝකයෙන් රිදී විහාර සෑ රඳුන් ආලෝකවත් කිරීමේ පුණ්‍යකර්මය සිදුකෙරුණේ ඉන් අනතුරුවයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් විදුලි පහන් ක්‍රියාත්මක කිරීමත් සමග රිදී විහාර සෑ රඳුන්  ෂඩ් වර්ණ ආලෝකයෙන් නැහැවී ගියා.

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් රිදී විහාර පින්බිමේ පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම ද සිදුවූ අතර, අනතුරුව දොළොස්මහේ පහනක්ද පූජා කෙරුණා.

ශිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ ආලෝක පුජාව සිදුකල අවස්ථාවේදී අදහස් දැක්වු ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර පූජය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත නාහිමියන් පැවසුවේ මෙවන් දෙයක්...

"ඓතිහාසික රිදී විහාරස්ථානය තුළ මේ දින කිහිපය මුළුල්ලේම හිරු මාධ්‍ය ජාලය පැමිණිලා සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් සුධානම් කරන්නට යෙදුණා. මෙවන් ඓතිහාසික විහාරස්ථානයක් තුළ ඒ ඓතිහාසික කරුණු කාරණා ඔප්නම්වමින් , ඒ වගේම මේ සියලූම ප්‍රදේශවාසීන් සහ ලංකාවාසී සියළුදෙනාගේම අධ්‍යාත්මික සුවය වර්ධනය කිරීම සඳහා සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නට යෙදුනා. ඒ සම්බන්ධයෙන් ඓතිහාසික රිදී විහාරස්ථානය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයට අපේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිනවා".

මේ එම ආලෝක පූජාවේ සහ රිදී විහාර පින්බිමේ පිළිම වහන්සේ තැන්පත් කළ වීඩියෝව හා ඡායාරූප එකතුවයි....





                     
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Oya As Deka - Thushara Dananjaya
Oya As Deka
Thushara Dananjaya
⤵  75 Downloads

Diwranna Kisideyak - Jeevana Fernando
Diwranna Kisideyak
Jeevana Fernando
⤵  414 Downloads

Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  2,120 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  4,041 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  8,585 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,805 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  39,129 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  9,140 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,620 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  39,730 Downloads



Top 10 Commenters

Latest Comments

Top