Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
අපිට අලුත් පවුලක් ලැබුණා. මේ බැඳීම අපි හැමදාම තියාගන්න බලාපොරොත්තු වෙනවා - යුරේනි නොෂිකා - Photos

- අපිට අලුත් පවුලක් ලැබුණා. මේ බැඳීම අපි හැමදාම තියාගන්න බලාපොරොත්තු වෙනවා - යුරේනි නොෂිකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,599 Views
"ටීම් එක මට ලැබෙද්දී මට ලොකු විශ්වාසයක් තිබුණා"

"මං ඒ අයට ශක්තියක් වුණාට වඩා ඒ අයයි මට ශක්තියක් වුණේ"

'ශ්‍රී ලාංකීය Reality Television නව්‍යකරනයේ අභිමානවත් රන්වන් රැය...' හිරු මෙගාස්ටාර්ස් අවසන් මහා තරඟය පසුගියදා (29) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

නිල්මිණි තෙන්නකෝන් ප්‍ර‍මුඛ "ශාක්‍යයන්ස්" කණ්ඩායම සහ යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායම අවසන් මහා තරඟයට තරගවැදුනු අතර ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණේ යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායමයි.

තම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන යුරේනි නොසිකා දිනපතා පුවත්පතකට කරුණු දක්වා තිබුනේ මෙලෙසයි.

කරට කර තරගයක් දීලා හිරු මෙගා ස්ටාර් ජයග්‍රහණය හිමි කර ගත්තා නේද?
අම්මේ ඔව්. අති විශාල තියුණු තරගයක් ඒක. අපි දිනුවා.

තරගාවලිය ආරම්භයේදී හිතුවද මෙහෙම ජයග්‍රහණයක් ලැබෙයි කියලා?
ටීම් එක මට ලැබෙද්දී මට ලොකු විශ්වාසයක් තිබුණා. රංගනය, ගායනය මේ හැම දේකින්ම දක්ෂයන් පිරිසක් මට ලැබුණා. අපිට වෘත්තීය මට්ටමින් නර්තනයේ යෙදුණු අයෙක්ගෙන් විතරයි පොඩි අඩුවක් තිබුණේ. ඒත් තරුණ ජවයකින් පිරුණු Team එකක් නිසා අපිට දිනන්න පුළුවන් වෙයි කියලා හිතුණා.

යුරේනි නායිකාවක්. ඉතින් ලොකු වගකීමක් ඔබෙන් ඉටුවුණා කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. මං හිතනවා නායිකාව විදියට මඟපෙන්වීම, වගකීම හරියට මම ඉටු කළා කියලා. ඒත් මං කියන්නම ඕන, මං ඒ අයට ශක්තියක් වුණාට වඩා ඒ අයයි මට ශක්තියක් වුණේ. මුල ඉඳලම අපි හත් දෙනාම මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළා. මං හිතන්නේ අපි හැමෝගෙම කණ්ඩායම් හැඟීම, මහන්සිය තමයි මේ ජයග්‍රහණයට විශේෂයෙන් හේතු වුණේ.

සූර්යන්ස්ලාගේ හොඳම ඉත්තා උමාරියා නේද?
ඇත්තටම ඔව්. ඇය තමයි අපේ තුරුම්පුව. ඇගේ හඬින් තමයි අපිව ඉදිරියට අරන් ගියේ. උමාරියා අපිට ලොකු ශක්තියක් වුණා. මං ඇයට ස්තූතිවන්ත වෙනවා. ශාක්‍යන්ස්ලාගෙන් අකලංක වගේ අය නර්තනයෙන් අපිට අභියෝග කරද්දී අපිට නැඟිටින්න ශක්තියක් ගෙනාවේ උමාරියා. අවසන් තරගයේදී විතරක් නෙවෙයි මුල ඉඳලම උමාරියා එයාගේ උපරිම දක්ෂතාව පෙන්නුවා.

ගේම් එක ප්ලේ කරන්න හොඳ ඉත්තෝ ටිකක් හම්බ වුණා කියලද හිතන්නේ?
එහෙම නම් කියන්න දන්නේ නෑ. අපේ ටීම් එකට වගේම අනික් ටීම්වලත් හැම පැත්තකින්ම දක්ෂ අය හිටියා. අපේ ටීම් එකේ අකිල මල්ලිව Danncer කෙනෙක් විදියට මං හඳුනාගෙන හිටියේ නෑ. ඒත් අකිල මල්ලි හොඳ Danncer  කෙනෙක්. පැතුම් රුක්ෂාන්වත් මං අඳුනාගන්නේ මේ තරගයෙන්. නර්තන ඉදිරිපත් කිරීම් කරන්න මේ දෙන්නම ගොඩක් කැපවීමෙන් පුරුදු වුණා. මට ගොඩක්ම අද වෙන කොට සතුටුයි. මොකද අකිලයි, පැතුමුයි අද හොඳ තැනකට නර්තනයෙන් ඇවිත් ඉන්න නිසා. මං ඒ අයට මගේ හදවතින්ම සුබ පතනවා.

තරගයේදී ශාක්‍යන්ස්ලා අභියෝගයක් වුණාද?
ශාක්‍යන්ස්ලාට ප්‍රබලම ප්‍රබල පිරිසක් හිටියේ. ඉතින් ශාක්‍යන්ස්ලා ඉන්න හැම වටයක්ම අපිට සෑහෙන්න තරගයක් වුණා. නර්තනයේදී අති දක්ෂයන් හිටියේ ඔවුන් ළඟ. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා කීවොත් මං හරි.

කණ්ඩායමක් විදියට වැඩ කරද්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍යයයි. ඉතින් එහෙම හැලහැප්පීම් සූර්යන්ස් කණ්ඩායමෙත් තිබුණද?
අනේ ඔව්. අපි සෑහෙන්න බැන ගත්තා. සමහර වෙලාවට කතා නොකරත් හිටියා. නමුත් අපි දන්නවා ඒ හැමදේම අපි කළේ අපේ අන්තිම ජයග්‍රහණය වෙනුවෙන් කියලා. අපි හැමෝටම ඕන වුණේ දිනන්න. ඒ රණ්ඩු සරුවල්වල ප්‍රතිඵලේ තමයි මේ දිනුම. මුල ඉඳලම අපි හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා.

යුරේනිගේ නායකත්වයට අභියෝගයක් ගෙනාපු නායකයා කවුද?
අනිත් කණ්ඩායම් හතරේම අය මට ලොකු අභියෝගයක් ගෙනාවා. සුරාජ්, ධනංජය, නිල්මිනී මේ හැමෝම මට විශාල අභියෝගයක් එල්ල කළා. මං ගොඩක් වාසනාවන්ත වුණා. මොකද තරුණ ජවය පිරුණු කණ්ඩායමක් මට හිටියා. අපේ අයගේ හිත් හොඳයි. මනුෂ්‍යත්වය කියන දේ උපරිමයෙන් පිරිච්ච පිරිසක් මට හිටියේ. සූර්යන්ස් දිනුවා නම් ඒකේ ස්තූතිය ලැබෙන්න ඕන අනිත් Team හතරටමයි.

සූර්යන්ස්ලා එකතු වුණේ තරගෙට විතරද? ඔය බැඳීම ඉදිරියටත් තියෙයිද?
අපිට අලුත් පවුලක් ලැබුණා. කාර්යබහුලත්වයත් අස්සේ මේ බැඳීම අපි හැමදාම තියාගන්න බලාපොරොත්තු වෙනවා.

යුරේනිගේ රංගනය දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ ඇයි?
මං රඟපාන්නේ නැත්තේ නෑ. රඟපානවා. මට හිතට වදින පිටපතක් නම් විතරයි මං ඒක භාරගන්නේ. වෙනස් විදියකට රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙන්නේ අඩුවෙන්. මං දායක වුණු චිත්‍රපටයක් ළඟදීම එනවා. මං හිතනවා මගේ වෙනස් රංගනයක් රසිකයන්ට දකින්න ලැබෙයි කියලා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  86 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  428 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  110 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  797 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  963 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,480 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,162 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,307 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,500 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,486 Downloads



Top 10 Commenters

Latest Comments

Top