"නුඹේ හෙට දවස සරි කරලන්නට කොලොම්තොට දුක් විඳි බව දන්නේ මා විතරයි"...
"ආදර මගේ පුංචි දුවේ හෙට දවසේ මා එන විට පෙරමගට එන්නට නුඹ නැතිවේවී"...
අම්පාර මිහිඳුපුර ජීවත්වුණු චංචරී නතිකා විජේසේකර නම් දියණිය අකාලයේ මියගොස් තිබෙනවා. එලෙස මියයන විට ඇගේ වයස අවුරුදු එකහමාරයි.
ඒ පුංචි දියණියට කවුරුත් ආදරේට කිව්වේ චාගි කියලයි.
පසුගියදා ගෙදර සෙල්ලම් කරමින් සිටි ඒ පුංචි හුරතල් දියණිය මතට සිමෙන්ති ගල් ගොඩක් පෙරලී අනතුරක් සිදුවෙනවා.
පසුව ඇය දෙමව්පියන්වත් කඳුලු ගඟක ගිල්වමින් සියළු දෙනාගෙන් සමුගෙන යනවා.
අවාසනාවන්ත විදිහට ජිවිතේ දාල ගිය මේ පුංචි දියණියගේ අවසන් කටයුතු පසුගියදා (06) අම්පාර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.