බොහෝ ලෙඩ රෝගවලට මුලික වෙන රෝගයක් හැටියට රුධිර පීඩනය හදුන්වා දිය හැකිය.එම රෝගී අවස්ථාව අද වනවිට සමස්ත ලෝකයාගේම කතාබහට ලක්වී ඇත. රුධිර පීඩනයේ බලපෑම නිසා රුධිර නාල සිහින් වන බවත් ඒ නිසා ඇස් අන්ධවීමට පවා බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් සොයාගෙන ඇත.
වයස අවුරුදු 40 සම්පූර්ණ වූ සියලු දෙනා අවම වශයෙන් වසරකට වරක් හෝ ඇස් පරීක්ෂා කර ගැනීමත් මාස 6 කට වරක් හෝ රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමත් කළ යුතු වේ.
සාමාන්‍ය තරුණ වියේ කෙනකුගේ තිබිය යුතු රුධිර පීඩනය වන්නේ 120/80 පමණ වේ. එහි 120 අගය වන්නේ හෘදය සංකෝචනය වනවිට (හැකිලෙන විට) ධමනි තුළ ඇති වන රුධිරයේ පීඩනයයි. 80 අගය ලෙස දැක්වූයේ හෘදය ප්‍රසාරණය (පිම්බෙන විට) වනවිට ඇතිවන රුධිරයේ පීඩනයයි. මේ සඳහා ප්‍රතිකාර කරන විට අගයන් දෙකම පහළ හෙළීමට ප්‍රතිකාර ලබා ගැනීම හා ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වේ. තවද වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමනාපෙට ප්‍රතිකාර ගැනීමත් ප්‍රතිකාර නතර කිරීමත් නොකළ යුතුය.
රුධිර පීඩනයට හේතු වන දෝෂයන් සලකා බැලීමේදී වාතය මූලිකව ක්‍රියා කරන බව මනාව පැහැදිලි වේ. මිනිස් සිරුරේ සියලුම ක්‍රියා වාතයේ මූලිකත්වයෙන් සිදුවන බව ආයුර්වේද මූලික ඉගැන්වීම්වල සඳහන් වේ. වාතය විකෘතිවීමත් සමගම සෙම් පිත් දෙක හා රක්තය විකෘති වී ලේ කැටි ගැසීම, රුධිර නාල අවහිරවීම් හෘදය මොළය, වකුගඩු, අක්මාව ආදී ඉන්ද්‍රියවල විකෘතිතා ඇති කරයි. මෙය මැදි වයසේ අයට වැඩිපුර ඇතිවන තත්ත්වයකි. දීර්ඝ කාලයක් අධි රුධිර පීඩනයෙන් පෙළීම නිසා මොලයේ සියුම් ධමනි කෙරේ සෘජුවම බලපෑම් ඇති කෙරේ. මෙහි ප්‍රතිඵලය නම් ධමනි හදිසියේ පුපුරා යැමයි.
එහිදී මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීම් නිසා ලේ කැටි ගැසීම් සිදුවිය හැකි අතර අවසාන ප්‍රතිඵලය ආඝාතය නම් දරුණු රෝගී තත්ත්වයට නතු වීමයි. පක්ෂගාත, පක්ෂවදය, විසාදය, පැරලයිසිස්, අංශභාගය යනුවෙන් ද හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයම වේ.
රුධිර පීඩන තත්ත්වයන්ට හේතු ලෙස සිතේ ඇතිවන නොසන්සුන් බව අධික සතුට හා දුක මානසික ආතතිය නිතර තැති ගැනීම කේන්ති යැම අධික දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය අධිකව මස් මාංශ, ලුණු, සුදු සීනි, පිටි, තෙල් භාවිතය අධිකව මොළය වෙහෙසා කටයුතු කිරීම, ව්‍යායාම නොකිරීම, කංසා අබිං අත්තන ආදී ස්ථාවර විෂත්, නයි, පොළොං, තෙලිසි වැනි සර්පයන් දෂ්ට කිරීම් ආදී ජංගම විෂ ශරීරගත වීමත්. කෘෂිරසායන රසකාරක වර්ණකාරක යෙදූ ආහාර පැණි බීම වර්ග නිතර නිතර භාවිතා කිරීමත් ඔසප් දොaෂ වකුගඩු ආබාධ මස්තිස්කාර්බුධ මුත්රාවරෝධ වැනි තත්ත්වයන් ද හේතු වේ.
ඊට අමතරව රුධිර වහනය වන නාල පද්ධතියේ නොයෙකුත් ද්‍රව්‍ය (කොලෙස්ටරෝල් වැනි) තැන්පත්වීම නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. රුධිර පීඩනයේ රූප ලක්ෂණ ලෙස හිසේ බරගතිය, හිසරදය, කැස්ස, ක්ලාන්තය, කැරකිල්ල, වමනය, මුහුණේ විකෘතිතා, කන්වලදොaෂ, අධික මහන්සි බව, වෙහෙස, කම්මැලිකම, නිදිමත, පිපාසය, අධික දහදිය දැමීම, නොසන්සුන් බව, සිහිමද ගතිය, නොරුස්සන ස්වභාවය, කෑම අරුචිය, නිතර මළපහ කිරීමේ අවශ්‍යතා වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මෙවැනි රෝගී ලක්ෂණ පෙනි පෙනීත් නිසි පිළියම් නොයෙදීමෙන් හා ගණන් නොගැනීමෙන් රෝගය දරුණු තත්ත්වයට පතAවී පාද ඉදිමුම තෙහෙට්ටුව, හෘද රෝග, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග රාත්‍රියට කිහිපවරක් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය හා සියුම් නහර පිපිරීම නිසා අංශභාගය වැනි දරුණු තත්ත්වයන්ට පවා පත්වීමට ඉඩ තිබේ.
අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීමේදී පැරණි වෛද්‍යවරුන් නාඩි ශාස්ත්‍රය භාවිතා කළහ. නවීනයන් නවීන උපකරණ භාවිත කරමින් රුධිර පීඩනය මැනීම සිදු කරයි. පළමුව රෝගියා සුව පහසු අසුනක හිඳුවා වම් අත මඳක් නවා හෘදයට සමාන්තරව මෘදු මේසයක් මත තබන්න. නිතරම සමාන වූ පීඩනයන් දැන ගැනීමට වම් අතම පරීක්ෂා කරන්න. (දකුණත පරීක්ෂා කිරීම ද වරදක් නොවේ.)
රෝගියා කම්පනයෙන් අධික වෙහෙසෙන් මහන්සියෙන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්නම් කෝපි වැනි වෙනත් උත්තේජක භාවිත කර ඇත්නම් රුධිර පීඩනය පරීක්ෂා නොකරන්න. විවේකීව සිටීමට ඉඩ දී පරීක්ෂා කිරීම සුදුසුය. ආහාරවේල් දෙකක් අතර කාලය රුධිර පීඩනය පරීක්ෂා කිරීමට සුදුසුම කාලය වේ. සිරුරේ බර අතට නොදැනෙන සේ රෝගියා ඇඳක දිගා කරවා පරීක්ෂා කිරීම ඉතාම සුදුසු අතර අතේ ඇඟිලි දිගහැර තැබීමට සලස්වන්න. ඔරලෝසු, වළලු, නූල්, මුදු, කමිස, බැනියම්, හැට්ට ආදිය ලිහිල් ව නිදහසේ තැබීම ඉතා සුදුසුය. රසදිය පීඩනමානය සම මට්ටමේ තබා ගන්න.
රුධිර පීඩනයෙන් වැළකී සිටීමට නම් හෘද රෝග වැළැක්වීමට අනුගමනය කළ යුතු සියලුම ක්‍රියාමාර්ග වත් පිළිවෙත් අනුගමනය කිරීමත් සැහැල්ලු සරල දිවිපෙවෙතක් ගෙවීමත් කළ යුතු වේ. මානසික කරදර දුරු කොට භාවනා ක්‍රම යෝගී ව්‍යායාම කිරීම උසට සරිලන බරක් පවත්වාගෙන යැම පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර අලුත් එළවළු, පලතුරු, උල්පත් ජලය භාවිතා කිරීමත් තෙල්, මිරිස්, කුළුබඩු, පිටි, සීනි, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීමත් දවල් නිදීම රාත්‍රී නිදිවැරීම අධික ස්ත්‍රී සේවනය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අත්හැර තම ආගම දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාවෙන් සැහැල්ලු දිවිපෙවෙතක් ගත කිරීම තුළින් රුධිර පීඩනය පමණක් නොව ඕනෑම දරුණු රෝගාබාධයකින් පවා සුවයක් ලබාගත හැකි වේ.
පුවත්පතකින් උපුටා ගත් එකකි.
ආයුර්වේද වෛද්‍ය
දමිත් රුබසිංහ