විලියම් කුමරුගේ බිරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය යලිත් වරක් ගැබ්බර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කේට් කුමරියගේ පාසැල් සමයේ සමීපතම යෙහෙළියක් ඕස්ට්‍රේලියානු සඟරාවකට මේ බව පවසා තිබෙනවා. තවමත් මෙම ආරංචිය රජ පවුලේද අභ්‍යන්තර රහස් කථාවක් බවද ඇය පවසා තිබෙනවා. ඇය මේ වනවිට අදින පළදින ඇදුම් වලින් එය මනාව පැහැදිලි වන බවද එම සගරාව සදහන් කරනවා.
කෙසේ වෙතත් ඉදිරි දිනයකදී මෙය නිල වශයෙන්ම නිවේදනය කරනු ඇති බව එම තරුණිය පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බකිංහැම් මාළිගයේ ප්‍රකාශිකාවක සදහන් කර ඇත්තේ මෙම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම කේට් කුමරිය ඇයගේ පාසැල් මිතුරියන් සමග වසර ගණනාවකින් කථා කර නැති බවද බකිංහැමි ප්‍රකාශිකාව පවසා තිබෙනවා.