Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
01
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි - දිවයින පුරා පෙළපාලි 23ක්

- ජාත්‍යන්තර කම්කරු දිනය අදයි - දිවයින පුරා පෙළපාලි 23ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට අද දිනයේ මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධානවල පවතින්නේ දැඩි උනන්දුවක්.

අද දිනයේ කම්කරු දින සැමරුම් රැළි සහ පෙළපාලි 23 ක් දිවයින පුරා පැවැත්වෙන අතර, කොළඹ නගරයේ පමණක් මැයි රැළි 15 ක් සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මහනුවර දී මැයි පෙළපාලි දෙකක් පැවැත්වෙන අතර, ඉන් එක් පෙළපාලියක් මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසලින් ආරම්භ වන අතර, අනෙක් පෙළපාලිය ගන්නෝරුව මං සන්ධියේ සිට පේරාදෙනිය මාර්ගය ඔස්සේ ගැටඹේ ක්‍රීඩාංගණය වෙත ළඟාවීමට නියමිතයි.

එක මිටට, හරි අතට යන තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමගි මැයි රැළිය අද (01) පස්වරු 3ට ආරම්භ වනවා.  

එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලිය පෙරවරු 11ට මරදාන මංසන්ධියෙන් ආරම්භ වනවා.

ටවර් හෝල් හන්දිය, පුංචි බොරැල්ල, බොරැල්ල ඔස්සේ මැයි පෙළපාලිය කැම්බල් පිටියට ළඟා වනු ඇති.

දිනන ජනතාවගේ මැයි රැළිය යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (01) පස්වරු තුනට එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය ආරම්භවන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.  

මැයි දින සැමරුම වෙනුවෙන් පෙළපාලි දෙකක් හා රැළි දෙකක් පැවැත්වීමට ජනතා පෙරමුණ මෙවර කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය යන්න තේමා කර ගනිමින් පෙළපාලියක් හා රැළියක් ඊයේ (30) යාපනයේදී පැවැත්වුණා.

යාපනය දුම්රියපොළ අසළින් පෙළපාලිය ආරම්භ වූ අතර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැළිය පැවැත්වුණේ මූටුවේලි ක්‍රීඩාංගණයේදියි.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැයි දින සැමරුම අද (01) කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනවා.

ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය අද පස්වරු 4ට ඇරඹෙන්නේ පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.  

වැඩබිම, මව්බිම, ගොවිබිම සුරකින අරගලය මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය ගාලුමුවදොරපිටියේදී අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් මැයි පෙළපාලිය දහවල් 12ට කොම්පඤ්ඤවීදියෙන් ආරම්භ වනවා.  

වතුකරයේ ප්‍රබල වෘත්තීය සමිතියක් ලෙස සැලකෙන ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාලිය සහ රැළිය ආරුමුගම් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන නගරයේදී පැවැත්වෙනවා.

දෙමළ ජාතික සන්ධානය අම්පාර, අක්කරෙයිපත්තු - ආලිඅඩිවෙම්බු - ධර්මසංගරී ක්‍රීඩාංගණයේදී සිය මැයි දින සැමරුම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැළිය පක්ෂ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සහ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ තලවකැළේ නගරයේදියි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top