සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 12.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇත්තේ මීගහවත්ත නාරංවල පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති සංගීත සංදර්ශනයකදි.
දෙපිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අලුයම 2 ට පමණ මියගොස් තිබෙනවා.
41 හැවිරිදි මෙම පුද්ගලයා දෙල්ගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.