ජනප්‍රිය මෙන්ම ප්‍රවීන බොලිවුඩ් නළුවෙකු වන විනෝද් ඛන්නා අද ජීවනගමනට සමුදී තිබෙනවා.
පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඔහු මිය යන විට 70 වැනි වියේ පසුවුණා.
1968 වසරේදී සිය සිනමා දිවිය ආරම්භ කළ විනෝද් ඛන්නා චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.
විනෝද් ඛන්නාගේ සමකාලීනයන් මෙන්ම දේශපාලනඥයන් රැසක්ද මෙම මරණය සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.