ඌර්කාවට්තුරෙයි ප්‍රදේශයේ රැකියාවකට පැමිණි හිටපු පොලිස් නිලධාරියකු නිවෙසක තනිව සිටි කාන්තාවකට සිහි නැති කර අතවරයක් කිරීමට උත්සාහ කර තිබෙන බව වාර්තාවනවා.
මේ සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.
ඌර්කාවට්තුරෙයි ප්‍රදේශයේ නිවෙසක ඉකුත් ඉරිදා මධ්‍යහ්න 12.30ට පමණ මේ සිද්ධිය වී ඇති වී තිබෙනවා. නිවෙසේ නිදා සිටි 18 හැවිරිදි තරුණියකගේ කට වසා සිහි නැති කිරීමට තැත්කර එම තරුණියට අතවරයක් කිරීමට මොහු උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ සැකකරුගේ ග්‍රහණයෙන් කෙසේ හෝ බේරී කෑගැසීමට තරුණිය සමත් වී ඇති ඇති අතර ඇයගේ කෑගැසීම ඇසුණු ගම්වාසීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සැකකරු පැන යෑමට උත්සාහ ගත්තද ගම්වාසීන් ඔහුව අල්ලා කණුවක ගැට ගසා ඌර්කාවට්තුරෙයි පොලිසිය වෙත භාර දී තිබෙනවා.
සැකකරු මඩකළපුවේ කලුවාන්ජිකුඩි ප්‍රදේශයේ පදිංචි වයස 35ක් පමණ වන පුද්ගලයකු බවත්, හිටපු පොලිස් නිලධාරියකු බවත්, පොලිසිය විසින් වැඩ තහනමට ලක් කළ පුද්ගලයකු බවත් ඌර්කාවට්තුරෙයි පොලිසිය සඳහන් කරනවා. ලබන මස 5දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.