Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
හිරු මෙගා ස්‌ටාර්ස් වේදිකාවේ අවසන් මහා තරගය ගැන යුරේනි සහ නිල්මිණි කියන කතාව - Photos

- හිරු මෙගා ස්‌ටාර්ස් වේදිකාවේ අවසන් මහා තරගය ගැන යුරේනි සහ නිල්මිණි කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
උමාරියාට වඩා සටනක්‌ දෙන්න පුළුවන් සිංහල කටහඬක්‌ මා ළඟ ඉන්නවා... - නිල්මිණි

අපි හිතුවා හරි.  නිල්මිණී සටනට ආවේ... හැබැයි ලේසි නැහැ.. - යුරේනි

හිරු මෙගා ස්‌ටාර්ස් වේදිකාවේ අවසන් මහා තරගය එළැඹෙන 29 වැනිදා තමයි පැවැත්වෙන්නේ. මේ අවසන් මහා තරගයට සූර්යන්ස්‌ සහ ශාක්‍යන්ස්‌ කියන කණ්‌ඩායම් දෙක තමයි තරග වදින්නේ. ඉතිං සූර්යන්ස්‌ සහ ශාක්‍යන්ස්‌ කියන කණ්‌ඩායම් දෙකේ නායිකාවන් වන යුරේනි නොෂිකා සහ නිල්මිණී තෙන්නකෝන් අවසන් මහා තරගයට මොනවගේ වෙනසක්‌ ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා කිව්වේ මෙහෙමයි.

නිල්මිණී ශාක්‍යන්ස්‌ලාගේ සූදානම මොනවගේද?
ශාක්‍යන්ස්‌ලා හැමදාම සූදානම් වෙච්ච කණ්‌ඩායමක්‌. ඒ වගේම ප්‍රබල කණ්‌ඩායමක්‌. අපේ කණ්‌ඩායමේ හත්දෙනාට හත් විදිහකට හැකියාවන් තියෙනවා. ඒ ගැන මම සතුටුයි.

අවසන් මහා තරගයේ කිරුළ ශාක්‍යන්ස්‌ලාට හිමිවේවිද?
පැහැදිලිවම. මොකද අපි ඒකට පෙර සූදානමින් තමයි අපේ කණ්‌ඩායම පළමු දවසේ ඉඳන් තරගයට ඉදිරිපත් වුණේ. මේ තරගයේදී හැමදාම කාසියේ වාසිය උරගාබලනවා. ඒ හැම අවස්‌ථාවකදීම ජයග්‍රහණය කළේ මමයි. හැම වටයකදීම එස්‌.එම්.එස් වලින් පවා ජයග්‍රහණය කළේ අපේ කණ්‌ඩායම. අපි අවසන් මහා තරගයට ලොකු සූදානමක්‌ තියෙනවා.

සූර්යන්ස්‌ලා කියන්නෙත් ඔවුන්ට මේ කිරුළ ලබාගන්න එක ලොකු දෙයක්‌ නෙමෙයි කියලා?
අපේ කණ්‌ඩායම දක්‍ෂයි. සූර්යන්ස්‌ලාගේ ගායනය තමයි ඉහළින් තියෙන්නේ. අපි හැමවෙලේම ලකුණු ගන්නේ ගායනයෙන්, නර්තනයෙන් වගේම රංගනයෙන්. ඒ හින්දා ඇත්තටම අපිට ලොකු බයක්‌ නැහැ.

මේක ලොකු සටනක්‌ විදිහටද දකින්නේ ?
ඇත්තටම මේක තරගයක්‌ විතරයි. මේ සියලු දේ 29 වැනිදා අවසන් වෙනවා. එදායින් පසුව හැමෝම ආදරයෙන් කතාබහ කරලා බොහොම සුන්දරව ඉන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. මේක තරගයක්‌ වුණාට අපේ කණ්‌ඩායම් අතරේ තරගයක්‌ නැහැ. තරගයේදී ෆයිට්‌ එකක්‌ තිබුණාට අපි අපි අතරේ ෆයිට්‌ එකක්‌ නැහැ.

යුරේනිලාගේ කණ්‌ඩායමේ ලොකුම තුරුම්පුව උමාරියා. උමාරියාට සටනක්‌ දෙන්න පුළුවන් කෙනෙක්‌ නිල්මිණීගේ කණ්‌ඩායමේ ඉන්නවාද?
අපි බය නැහැ. අපිට ඊට වඩා සටනක්‌ දෙන්න පුළුවන් සිංහල කොල්ලෙක්‌ ඉන්නවා. ඔහු තමයි රූනි. ඔහුට හොඳ සිංහල කටහඬක්‌ තියෙනවා. හැමදේම එකම විදිහට ගායනා කරන්නෙත් නැහැ. රූනි විවිධ පරාසයන්වල ගායනා කරනවා. රූනි කෑගහලා ගායනා කරන්නේ නැහැ. අනික අපි ගායනයෙන් විතරක්‌ දිනන්න බලාපොරොත්තුවක්‌ නැහැ. අපි හැමදෙයකින්ම ජයග්‍රහණය කරන්න තමයි සූදානම.

ශාක්‍යන්ස්‌ එදාට මොනවගේ වෙනසක්‌ කරන්නද හිතාගෙන ඉන්නේ ?
ඒක ලොකු වෙනසක්‌. ඒක 29 වැනිදා පෙන්වනකම් රහසක්‌. ප්‍රශ්නාර්ථයක්‌.

ශාක්‍යන්ස්‌ කණ්‌ඩායමේ තුරුම්පු දැන්ම එළියට දාන්නේ නැතිද?
කිසිම දෙයක්‌ අපි දැන්ම එළියට දාන්නේ නැහැ. එතකොට තරගයක්‌ නැතිවෙනවානේ.

මේ හින්දා රඟපෑමට එහෙම සීමාවන් වැටිලාද?
මෙගා ස්‌ටාර්ස් කියන්නේ ගොඩක්‌ කැපවීමක්‌ කරන්න ඕනෑ වැඩක්‌. තව තව වැඩභාරගත්තොත් මට භාරදුන්න වගකීම හරියාකාරව කරගන්න බැරිවුණා කියන වචනය මම අහන්න අකමැති චරිතයක්‌. ඒ හින්දා මගේ රංගන වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වූවා. ඒ එක්‌කම දියණිය සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. ඒ හින්දා රංගනයට ටිකකට තිත තියලයි තියෙන්නේ.

රියෑලිටි වැඩසටහන් මිනිස්‌සුන්ට එපාවෙලා කියලා ගොඩක්‌ දෙනෙක්‌ කියනවා. ඒ හින්දා ආපහු රියෑලිටිවලට නොගිහිං හිටියොත් හොඳ නැතිද?
ගොඩක්‌ පුවත්පත් මගෙන් ප්‍රශ්න කළා ඔබ වගේ නිළියක්‌ ඇයි මේ වගේ රියෑලිටි වැඩසටහනකට ආවේ කියලා. විනිශ්චය මණ්‌ඩලයට නගින්න ඕනෑ චරිතයක්‌ ඇයි මේ වගේ වේදිකාවට නැග්ගේ කියලත් සමහර මාධ්‍යවේදීන් මගෙන් ප්‍රශ්න කළා.

ඉතිං ඔබ දුන්න උත්තරය මොකක්‌ද?
හිරු ගැන ලොකු විශ්වාසයක්‌ තිබුණා. නිල්මිණී තෙන්නකෝන්ට හානි නොකරයි කියලා මට ලොකු විශ්වාසයක්‌ තිබුණා. ඒ වගේම මගේ පුද්ගලික ජීවිතයට පොඩි වෙනසක්‌ ඕනෑ වුණා. මට ජනප්‍රියවෙන්න නෙමෙයි ඕනෑවුණේ. පුද්ගලික ජීවිතේ පොඩි වෙනසක්‌ තමයි ඕනෑවුණේ. ඒ වෙනස සොයාගෙන තමයි මම ශාක්‍යන්ස්‌ කණ්‌ඩායමට ගියේ.

අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න යනවා කියලත් ආරංචියි ?
ඒකට සූදානම් වෙලා හිටියේ. දැන් ඒ වැඩේ කරන්න විතරයි මට තියෙන්නේ. ඒ වැඩේට සූදානම් වෙලා ඉන්නකොට තමයි මට මේ රියෑලිටි වැඩසටහනට කතා කළේ. දුවගේ විභාග කටයුතු අවසන් වුණාට පසුව මාසයක විතර විවේකයක්‌ අරගෙන හැකි ඉක්‌මනින් ආරම්භ කරනවා.

මේක ටෙලිනාට්‍යයක්‌ද? චිත්‍රපටයක්‌ද?
මේක ටෙලිනාට්‍යයක්‌.

අවසන් මහා තරගයට සූර්යන්ස්‌ලා මොනවගේ සූදානමකද ඉන්නේ ?
ඇත්තම කිව්වොත් ලොකු සූදානමක ඉන්නේ. මෙච්චර දුරක්‌ ආපු එකේ ගේම් එක අතහරින්න බැහැ. අපිට ලොකු ආත්ම විශ්වාසයක්‌ තියෙනවා.

කිරුළ ලබාගන්න පුළුවන් වේවි කියලා හිතනවාද?
ලොකු උත්සාහයක්‌ දරනවා. හැබැයි ඒක ලෙහෙසිවෙන්නේ නැහැ. ශාක්‍යන්ස්‌ලාත් හොඳ කණ්‌ඩායමක්‌. නමුත් අපි ගේම අතහරින්නෙත් නැහැ.

නිල්මිණි කියන්නෙත් ගේම අතහරින්නේ නැහැ කියලානේ ?
ඒකනේ. දෙගොල්ලෝම අවසන් මහා තරගයට ආවහම කවුරුත් කියන්නේ නැහැනේ පරදිනවා කියලා. හැමෝටම ඕනෑ ජයග්‍රහණය කරන්න. හැබැයි වාසනාව තියෙන්නත් ඕනෑ.

එදාට ලොකු වෙනසක්‌ කරන්න සූදානමක්‌ තියෙනවාද?
ලොකු වෙනසක්‌ කරන්න සූදානමක්‌ තියෙනවා. අපිට කරන්න බැරි මොනවාද කරන්න පුළුවන් මොනවාද කියලා අපි දන්නවා. අපේ උපරිම දක්‍ෂතාවයන් එදාට පෙන්වනවා.

බැරිවැඩ කරන්න ගිහිං අමාරුවේ වැටෙන්නේ නැහැ ?
නැහැ. කරන්න පුළුවන් වැඩ විතරක්‌ හොඳට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

මේ දවස්‌වල ගායනය, රංගනය කියන දේවල් පැත්තකට දාලාද තියෙන්නේ ?
මේ වැඩේ හින්දා ඒවා කරන්න වෙලාවක්‌ නැහැනේ. ඒක හින්දා ඒ දේවල් පැත්තකට දාලා ඉන්නේ.

කණ්‌ඩායමක්‌ එක්‌ක වැඩකරනකොට යුරේනිගේ අදහස්‌ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?
කණ්‌ඩායමක්‌ එක්‌ක වැඩකරනකොට හැමෝගෙම අදහස්‌ ගැලපෙන්නේ නැහැ. ඉතිං අපි හුඟාක්‌ වෙලාවට බහින්බස්‌ වීම් පවා ඇතිකරගෙන කණ්‌ඩායමට හොඳ තීරණයක්‌ ගන්නවා.

නිල්මිණී කියන්නේ ඔබට වඩා අත්දැකීම් බහුල පරිණත නිළියක්‌. ඇයට අභියෝගයක්‌ දෙන්න පුළුවන්වේවි කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. හිරු මෙගා ස්‌ටාර්ස් වේදිකාවේදී ඇය මට මුල සිටම අභියෝගයක්‌ වුණ චරිතයක්‌. අපි බලාපොරොත්තු වුණා ඔවුන් අවසන් මහා තරගයට ඒවි කියලා. අන්තිමේ ඇයගේ කණ්‌ඩායම අවසන් මහා තරගයට ආවා. ඒක හින්දා ලේසි වෙන්නේ නැහැ.

නිල්මිණීගේ කණ්‌ඩායමේ දක්‍ෂ නර්තන ශිල්පිණියක්‌ සහ ශිල්පීන් දෙදෙනෙක්‌ ඉන්නවා. ඔවුන්ව අභියෝගයක්‌ නේද?
අපිට අනිවාර්යයෙන්ම හිමාලිව අභියෝගයක්‌ තමයි. නමුත් අපේ වෙඩි උණ්‌ඩය තමයි උමාරියා සිංහවංශ. අපේ ටීම් එකේ ලොකු බලාපොරොත්තුවත් ඇයයි.

සූර්යන්ස්‌ උමාරියාගේ පිහිටෙන් ගොඩයන්නද බලන්නේ ?
අනිවාර්යයෙන්ම. නිල්මිණීගේ කණ්‌ඩායම හිමාලි සිරිවර්ධන තුරුම්පුවක්‌ කරගෙන ඉන්නේ. ඇත්තම කිව්වොත් ඇය විතරක්‌ නෙමෙයි ඔවුන්ට තව ප්‍රබල නර්තන ශීල්පීන් දෙදෙනෙක්‌ ඉන්නවා. අකලංක සහ සුරේෂ්. මගේ කණ්‌ඩායමට වෘත්තීය මට්‌ටමේ නර්තන ශිල්පීන්ගේ අඩුවක්‌ තියෙනවා. මට ඉන්නේ වෘත්තීය මට්‌ටමේ ගායිකාවක්‌. අපි උමාරියාගෙන් සෑහෙන ස්‌කෝර් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒකද මුල ඉඳන්ම ඇයට වැඩිපුර අවස්‌ථාවක්‌ දුන්නේ ?
පැහැදිලිවම. අපේ උපක්‍රමය සාර්ථකයි.

උමාරියා අවසන් මහා තරගයේ මොනවගේ වෙනසක්‌ කරාවිද?
දන්නේ නැහැ.

ඒ කියන්නේ ඔයා දන්නේ නැති දේවල්ද කණ්‌ඩායම ඇතුලේ වෙන්නේ ?
නැහැ. නැහැ. ඇය ලොකු වෙනසක්‌ කරාවි. ඒ ගැන දැන්ම කියන්න බැහැනේ.

ඇය පසුගිය දවස්‌වල ලංකාවේ හිටියෙත් නැහැ. ඉතිං ඇය නැතිව කොහොමද වෙඩි මුරය පත්තුකරන්නේ ?
උමාරියාගේ දක්‍ෂතාවය ගැන අපිට කතාදෙකක්‌ නැහැ. අවසන් පූර්ව වටයට දවස්‌ දෙකකට කලින් තමයි ඇය ලංකාවට ආවේ. එදත් අපි දිනුවා. ඒ හින්දා දවසට කලින් ආවත් ඇයගේ වැඩේ හරියට කරනවා කියන විශ්වාසය අපේ මුළු කණ්‌ඩායමටම තියෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top