ඇල්ල පොලිස් වසමේ නාදළුඉන්න, හල්පේ ප්‍රදේශයේ ජීවත්වූ ස්ථාවර නිවසක් නොමැති අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර නිවැසියන් වෙත භාර දීම ඊයේ 22 පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම ආරාධිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
එම උත්සවය අමතමින් පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබෙන්නේ ඉදිරියේදී පොලිස් නිල ඇදුමේ පාට වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි.