අවුරුදු පහළොවක කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් රැජිනගේ කුස්සියේ රජකම් කරන සූපවේදියකු හැටියට ඩැරන් මැක්ගේඩ් ප්‍රසිද්ධයි.
ඔහු සමග රාජකීය කුස්සිය ගැන සංවාදයක් පවත්වන්නට පසුගිය දා එංගලන්ත සඟරාවක් කටයුතු කර තිබුණා.
එහිදී මහ රැජන කැමැතිම කෑම මොනවා දැයි ඔහුගෙන් විමසා තිබුණු අතර චොකලට් බිස්කට් කේක් කෑමට රැජන ඉතාම ප්‍රිය බවයි ඔහු පවසා තිබෙන්නේ.
අවුරුදු 15 පුරාම රාජකීය කුස්සියේ මහ රැජන වෙනුවෙන් සතියකට වතාවක් චොකලට් බිස්කට් කේක් හැදෙන බව සූපවේදියා පවසා තිබෙනවා.
කනවාට අමතරව මහ රැජන අදටත් ඕනෑම ගමනක් පිටත්වෙද්දී සිය අත් බෑගයට එයින් කැබලි කිහිපයක් ඔබා ගන්නා බවත් ඔහු හෙළිකර ඇත.