‘Spider-Man: Homecoming’ චිත්‍රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් තමයි, Zendaya කියන්නේ.
තවමත් 20 වැනි වියෙහි පසුවන ඇය වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්වෙන්නටත් කලින් සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වෙලා.
වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙන බව සඳහන්. ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්. පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරයි.
කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි, Zendaya පවසා තිබෙන්නේ.
“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.” Zendaya අතීතය සිහිපත් කරමින් එලෙස පවසා තිබෙනවා.