රිදී තිරයේ වගේම පුංචි තිරයේත් කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා කියන්නෙ.
දුලානි එයාගේ අලුත්ම චිත්‍රපටයේ විස්තර සහ ජීවිතය ගලාගෙන යන හැටි සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.
මේ දවස්වල බන්ධනයකට අහුවෙලා කියලා ආරංචියි..?
ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු - නිළි පිරිස එක්ක වැඩ කිරීමට අවස්ථාව ලැබීම සත්තකින්ම මේ චිත්‍රපටය මට සුවිශේෂී බන්ධනයක්.
කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
දැනට හුඟ දෙනෙක් මේ ගැන හොඳ කතා කරන නිසා ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.
ඉතිහාස කතාවලින් මිදිලා වෙනස්ම ආකාරයේ චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ..?
රංගන ශිල්පිනියක් විදිහට එකකට එකක් වෙනස් චරිත ලැබෙනවට තමයි මම කැමති. මේකත් මට ලැබුණු හොඳ චරිතයක්. මම ඒකට සාධාරණය ඉටු කළා.
තිරයේ ජනප්‍රියම පෙම්වතා වූ හේමාල් සමග රඟපෑමට ලැබීම මොනවගේ අත්දැකීමක්ද..?
ඇත්තටම මෙතනදි තිබුණෙ හේමාල් සමග රඟපෑමේ විශේෂය නෙමෙයි. ඔහු සහ මම තරුණ මවක් සහ පියෙක් විදිහට රඟපෑමේ විශේෂයයි. කොහොම වුණත් වෙනස්ම ආකාරය අත්දැකීමක්.
ඔය අතරේ සරණ බන්ධනේට ලෑස්ති වෙනවා කියලත් ආරංචියි..?
දැනට නම් ඒ සඳහා කිසිම ලෑස්තියක් නෑ. ඉදිරියේදී එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං කා එක්ක, කවදා කොහෙදිද කියන්න බෑ.
බොහෝ නළු නිළියො කුණු අවුස්සනවා කියලා මාධ්‍යට ගොරවනවා..? ඔබත් එහෙමද..?
එහෙම කෙනෙක්ගෙ කට පාලනය කරන රිමෝට් එක තියෙන්නෙ තමන්ගේ අතේ. මාධ්‍ය අපෙන් අහන්නෙ මොනවද කියලා හොඳින් තේරුම් අරන් උත්තර දුන්නාම කදාවත් මාධ්‍යට ගොරවන්න ඕන වෙන්නෙ නෑ.
සත්‍ය හෝ අසත්‍ය කට කතා නිසා පාසලේ දරුවන් ඉදිරියට යන්න චකිතයක් නැද්ද..?
මෙතෙක් එහෙම ප්‍රශ්න වෙලා නෑ. මම ආදර්ශමත් විදිහට තමයි හැම වෙලාවෙම දරුවන් ඉදිරියට යන්නෙ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නම් කිසි කෙනෙක් ඉදිරියට යන්න චකිතයක් ඇති වෙන්නෙ නෑ.
කොහොමද පාසල් දරුවන් සමග ගෙවන ජීවිතේ..?
ඉතාමත් සුන්දරයි.. අද අපේ දරුවන් සෞන්දර්ය පැත්තට යොමු නොවීම තමයි මට තියෙන දුක.
ගුරු වෘත්තියෙන් ඈත් වෙලා පූර්ණකාලීනව රංගන ශිල්පිනියක් වුණොත් හොඳයි කියලා හිතිලම නැද්ද..?
මේ තාක් නම් එහෙම හිතිලා නෑ. ඉස්සරහට හිතෙන එකකුත් නෑ, ගුරුවරිය සහ රංගන ශිල්පිනිය කියන තනතුරු දෙකම නිවැරදිව හොබවන්න පුළුවන්කම මට තියෙනවා. දිවි ඇති තුරා මේ දෙක සමබරව කරනවා.
පසුගිය කාලෙ දුලානිට තිබුණ ප්‍රශ්න දැන් ඉවරද..?