ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකට ඇතුළු වූ තුවක්කුකරුවන් වෙඩි වරුසාවක් එහි සිටි ගණිකාවන්ට මෙන්ම ඔවුන් සමඟ යහන් ගත වී සිටි හා යහන් ගතවීමට රුචියෙන් පැමිණි සේවාදායකයන්ට එල්ල කර ඇත්තේ සහාසික ලෙසය. බොහෝ ගණිකාවන් මෙම වෙඩි තැබීම සිදුවන අතර වාරයේ තම සේවාදායකයන් සමඟ සම්බෝග සුවය විඳිමින් සිට ඇත.
ගණිකා නිවාසයේ අස්සක් මුල්ලක් නෑර වෙඩි තැබූ තුවක්කුකරුවන් ගණිකාවන් හා සේවාදායකයන් අමු අමුවේ මරාදමා ලේ ගංගාවක ඔවුන්ට සදහටම නිදිසුවය ලබා දී තිබේ. මෙම වෙඩි තැබීමෙන් ගණිකාවන් බහුතරයක් ඇතුළු 29 දෙනෙක් තුවක්කුකරුවන් විසින් මරු තුරුලට යවා ඇති බවයි වාර්තා වන්නේ.