නාය යාමට ලක්වූ මීතොටමුල්ල කසල කන්දේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු 8 වන දිනටත් අද (21) ක්‍රියාත්මක වුණා.
මීතොටමුල්ල සිද්ධියෙන් පුද්ගල මරණ 32ක්, අතුරුදන්වීම් 8ක් සහ තුවාලකරුවන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ කසල කන්ද නාය යාම හේතුවෙන් පුද්ගලයින් 240 දෙනෙකු තවදුරටත් තාවකාලික මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි.
මේ අතර, අද පෙරවරුවේ ජපාන විශේෂඥයින් ද මීතොටමුල්ල නාය යාමට ලක්වූ ප්‍රදේශය නිරීක්ෂණය කරනු ලැබුවා.
එම අවස්ථාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යා විශේෂඥයින් ද එක්ව සිටියා.
එහිදී ජපාන විශේෂඥයින් පවසා ඇත්තේ කුණු කන්ද නාය ගිය ස්ථානයේ සාමාන්‍ය වාතයේ පැවතිය යුතු මීතේන් වායු ඝනත්වය වැඩිවීමේ ප්‍රතිශතය සියයට 966කින් ඉහළ ගොස් ඇති බවයි.