අමෙරිකාව ‘සියලු බෝම්බ වල අම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බයට වඩා සිවු ගුණයක් අධි බලැති බෝම්බයක් තමන් සතු බව රුසියාව පවසා තිබෙනවා.
මෙවැනි බෝම්බ දෙවැනි වන්නේ න්‍යෂ්ඨික බෝම්බ වලට පමණි. රුසියාව සඳහන් කරන්නේ තම බෝම්බය 2007 වසරේදී අත්හදා බල බවයි. එසේම ඒ හරහා න්‍යෂ්ඨික බෝම්බයකින් විහිදෙන තරංග හා සමාන තරංග විහිදවිය හැකි බවත් රුසියාව පවසා තිබෙනවා.
ඔවුන් එය හඳුන්වා තිබෙන්නේ ‘සියලු බෝම්බ වල පියා’ ලෙසිනුයි.
අමෙරිකාව පසුගියදා සියලු බෝම්බ වල අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බයක් යොදාගෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළා.