නාවුල බිබිල ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ ඉරන ලද කුඹුක් දැව තොගයක් සමග සැකකරුවෙකු ඊයේ (20) රාත්‍රීයේ නාවුල අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවුල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුයි.
මෙම කුඹුක් දැව තොගය ලැබුණු ආකාරය පිළිබඳව වන නිලධාරින් ප්‍රශ්න කිරීමේදී සැකකාර ගුරුවරයා පවසා ඇත්තේ තම පාසල් සිසුවෙකු මේ දැව තොගය තෑගි වශයෙන් ලබා දුන් බවත් තම නිවසේ තරප්පු පෙළට යොදා ගැනීමට නියමිතව තිබු බවයි.