Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
සුද්දො හිටපු කාලෙත් හිටපු රිලා ගල මුදුනේ ජීවත් වන පිංචි ආච්චි අතීත ජීවිතය ගැන කියන කතාව - Video & Photos

- සුද්දො හිටපු කාලෙත් හිටපු රිලා ගල මුදුනේ ජීවත් වන පිංචි ආච්චි අතීත ජීවිතය ගැන කියන කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,393 Views
"කොස් කෑවා, දෙල්, බතල, මඤ්ඤෝක්කා ඕවා තමා ඒ කාලේ කැවේ"

"කෙල්ලෝ ඉස්කොලේ ඇරියොත් හදන්න බැහැ කියලා අපේ අම්මලා ස්කොලේ ඇරියේ නැහැ"

"බබාලා හම්බ වෙනකොටත් අපි පයින් ගිහින් තමයි ඉස්පිරිතාලයකට ගියේ"

මධ්‍යම පළාතත් සබරගමුවත් වෙන් වෙන මායිමේ මාවනැල්ල කෙහෙල්පන්නල රිලා ගල කඳුකර ප්‍රදේශයේ අවුරුදු 100 ක් වයසැති ජාමුණි ගෙදර පිංචි නම් මවක් තවමත් නිරෝගි සුවයෙන් ජිවත් වනවා.

ඇයට වයස අවුරුදු 100 ක් යැයි සඳහන් වුවත් ගමේ අය පවසන්නේ ඇයට අවුරුදු 100ටත් වඩා වැඩි වයසක් ඇති බවයි.


නමුත් ඇයගේ වැඩිහිටි හැඳුනුම්පත අනුව එහි උපන් දිනය සඳහන් කර ඇත්තේ 1917 වර්ෂයේ මාර්තු 20 වැනිදා ලෙසයි.

ඒ අනුව මෙ වන විට ඇයට වයස අවුරුදු 100 ක් වන අතර තුන්මුණුපුරන් දැක ඇති ඇය මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කලාපයට අයිති කොටසේ ජිවිකාව ගෙනයනවා.  

පිංචි අම්මා දැනට ජිවත් වෙන ස්ථානය පිහිටි රිලාගල හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ දෙසට යද්දි ඈත කඳු වළල්ලේ උස් කඳු සහිත බිමක පිහිටා ඇත. ස්වභාව සෞන්දර්ය අතින් සුන්දරත්වය ඇති ස්ථානයක් වුවත් මෙ ගම්මානය පිහිටි ස්ථානයට යන්න ඇත්තේ කුඩා අඩි පාරක්.

රිලා ගල පිහිටි කඳුකර මුදුනේ පවුල් 40 කට වැඩි පිරිසක් ජිවත් වුවත් අග හිඟ කම් මද්දයේ ජීවිකාව ගෙන යන්නේ බෝග වගාවන් වලින් ලබා ගන්නා ආදායම් මාර්ගවලින් හා කුලි වැඩ කටයුතු වලින් සොයා ගන්නා මුදල් වලිනුයි.

දුෂ්කර මාර්ගයකින් සිය ගමට යන ඔවුන් හෙම්මාතගම බලත්ගමුවෙන් හෝ ගම්පොළ කුරුඳුවත්තෙන් ඇති පාරෙන් ගොස් එතැන් සිට අඩි පාරෙන් ගමට යා යුතු අතර සාමන්‍යයෙන් මේ ගම්මානයට පයින් යන්නට පැයකටත් වඩා වැඩි කාලයක් ගතවනවා.

මේ රට සුදු ජාතිකයන් පාලනය කරන ලද කාල වකවානුවේ රිලා ගල මුදුනේ පදිංචියට නිවසක් සාදා ගැනිමට අවසරය දුන් බව පිංචි අම්මා පවසනවා.

සුද්දා සතු වතු වල තේ දළු නෙළමින් ඔවුන්ගෙන් වැටුප් ලබමින් ජීවිකාව පවත්වාගෙන ගිය බව ඇය මිට දසක ගණනාවකට ඉහත කාල පරිච්ජේදය මතක් කරමින් අප සමග පැවසුවා.

දරුවන් 10 දෙනෙකු හැදු වැඩු ඇය ජිවත් වුනේ උක්කු නැමැති පුද්ගලයෙකු ස්වාමියා ලෙස විවාහ කරගෙනයි.

ඇය එම විවාහයෙන් පසුව දරුවන් රැක බලා ගනිමින් මෙ දක්වා ජිවත් වන්නේ මෙ රිලා ගල මුදුනේයි.

ඇය විවාහ විමෙන් පසුව මේ නිවසට පැමිණ ඇති අතර ඇයගේ මුල් පදිංචිය ගම්පොළ වැටකදෙනිය නම් ගමයි.

‘‘ මම හිටියේ වැටකදෙනියේ අපේ තාත්තාගේ ගමේ. තාත්තාගේ නම කිරිහොඳා අම්මාගේ නම මට මතක හැටියට පුංචිනා හෝ රන් කිරා වෙන්න ඇති මොකද අම්මාගේ නම මට නිච්චියටම මතක නැත්තේ අම්මා අපි ඉපදෙන කොටම මැරුනා. සහෝදරයෝ ටිකගේ නම් ටික මතකයි අක්කා උක්කු අම්මා, මල්ලිලා දෙන්නා උක්කුවා හා බිලිඳා නංගිගේ නම ලැයිසා අපි ඉස්සර මෙහාට එනකොට කැලෑ පාරවල් තිබුණේ. ගම් සභා පාරවල් අපි සුද්ධ කරගෙන තමයි මෙ ගමට ඇවිත් පදිංච් වුනේ.

පස්සේ සුද්දෝ ගියාට පස්සේ තමයි මෙ පාරවල් ටිකක් හරි යන්න පුළුවන් විදිහට හැදුනේ. උන් ගල් බැම් අපි ලව්ව අල්ලාගෙන අශ්වයා පිටින් මේවායේ තේ වගා කරලා ඒවා බලන්න ඒ මේ අත උන් පිටේ නැගලා දක්වනවා. අම්බුළුවාවේ සුද්දෝ ස්ටොරුවක් ( තේ කර්මාන්ත ශාලාවක්) හදා ගෙන දළු ඇඹරුවා. අපි තේ දළු නෙළුවා. දවසට අපිට පොඩි ගාණත් තමයි දුන්නේ දවසකටම රුපියල් 5 ක් ද කොහේදෝ. ඒ දවස් වල සුද්දා අපි දළු කඩනවා බලන්න නිතරම යනවා. නැත්නම් බංගලාවට වේලා බලා ඉන්නවා. මට මතකයේ හැටියට අශ්වයෝ දෙන්නෙක්ද කොහෙදෝ හිටියා ’’

යැයි ඇය තම දිගු ඉතිහාසය මතක් කරමින් පැවසුවා.

ඇයගෙන් මිළඟට ඇසුවේ ඒ දවස් වල ආහාර සඳහා භාවිතා කරන ලද කෑම බිම සම්බන්ධයෙනුයි. ඒ සඳහා ඇය පිළිතුරු දෙමින් මෙසේ පැවසුවා.

‘‘ අනේ ඉතින් කැවේ වෙන මොනවාද ? කොස් කෑවා, දෙල්, බතල, මඤ්ඤෝක්කා ඕවා තමා ඒ කාලේ කෑවේ. දැන් වාගේ බත් ගිල්ලේ නැහැ. අපි මෙකට එන කොට මහා කැලයක් තමයි තිබුණේ පස්සේ පස්සේ එළි පෙහෙලි කරලා වගා කලා. මට මතක හැටියට අපි ආවාට පස්සේ තමයි මිනිස්සු මේ පැත්තේ පදිංචියට ආවේ. සුද්දෝ තමයි ගෙවල් හදා ගනිල්ලා කියලා අපිට එන්න කිවේ ’’

"ඉස්සර ගෙදරකට බඩුවක් කාරිය ගේන්න පයින් තාමා යන්න ඕනෑ. වරකාවල ( මධ්‍යම පළාතේ පිහිටි නගරයක්) පැත්තට හෝ හෙම්මාතගම ටවුමට ගම්පොල ටවුමට පයින් යන්න ඕනෑ. බස් දැම්මාට පස්සේ තමයි පස්සේ කාලේ අපි ඒවාගේ ගියේ. පයින් යන කාලේ උදේ ගියාම හැන්දෑවට තමයි ගෙදර එන්නේ බබාලා හම්බ වෙනකොටත් අපි පයින් ගිහින් තමයි ඉස්පිරිතාලයකට ගියේ නැත්නම් වින්දඹු අම්මාට කියනවා. ඉස්සර අද වාගේ ඔය ටවුන් හොඳට තිබුණේ නැහැ. කඩවල් තැනින් තැන ගොඩාක් ඒවා පොල්අතු වහලා මැටි ගහලා තිබුණා. ටකරන් වළින් වහපුවාත් තිබුණා. බඩු ගණන් නැහැ අද වාගේ ඉස්සර හාල් රුපියල් 20 ටත් අඩුයි අද සිය ගණන් යැයි ඇය කෙන්තියෙන් මෙන් කිවාය. ගොඩාක් වෙළෙදාම් කලේ මුස්ලිම් අයයි. ඒ අයගේ කඩ තමයි තිබුණේ අපේ අයගේ කඩ ටිකක් අඩුයි".  

ඇය සිය මතකයේ තිබු සමහර දේවල් අපිට මෙසේ කිවාය.

"ගියපු හැම වන්දනා ගමනක්ම ගියේ පයින් තමයි දවස් 7 - 10 වන්දනා ගමන් තමයි තිබුණේ. මග දිගට නැවති නැවති යනවා. පරවල් ගානේ නවතිනවා එක තැනක නෙවෙයි. අම්බලන්වලත් ඉන්නවා. සිරිපාදේ යන්නත් දවස් 4 ක් විතර යනවා. කන්න බොන්න ගෙවල් වලින් අරගෙන තමයි යන්නේ හාල් ටිකක් මගින් ගන්නවා.  මාළිගාවට නම් ගිහින් ඇති අනේ අප්පෝ මගේ ඔළුවේ හිස කෙයියා ගානට. ඒ වගේම මාළිගාවේ දවල් ? පෙරහැරවල් බලලා තියෙනවා. නැවතිලා සිල් අරන් තියෙනවා ඒ දවස් වල බොහෝම අගේට පිං කරගත්තා. පුළුවන් කාලේ ගමේ අවාසයට වාගේම කෙහෙල්පන්නල පන්සලට ගිහින් සිල් ගත්තා පිංකම් වලට සහ සම්බන්ධ වුනා".

ඉස්සර මිනිස්සු හොඳයිද ? පිංචි අම්මා ස්කෝලේ ගියේ නැද්ද ?

"දැන් ඉන්න එවුන් වාගේම තමයි මිනිස්සු වෙනසක් නැහැ. නමුත් දැන් එවුන්ට වඩා ඒ මිනිස්සු මට හිතෙනවා ගුණ යහපත් කියලා. මම ස්කොලේ ගියේ නැහැ. අපි පොඩි කාලේ ස්කෝල තිබුණා නමුත් කෙල්ලෝ ඉස්කොලේ ඇරියොත් හදන්න බැහැ කියලා අපේ අම්මලා ස්කොලේ ඇරියේ නැහැ. ඉතින් අම්මලා තාත්තලා කුලි වැඩ කරලා කන්න බොන්න දුන්නා අපි ගෙවල් වලට වෙලා හිටියා. ගේ දොර වැඩ කටයුතු හැම එකක්ම කලා දැන් ඉන්න ලමිස්සියෝ වාගේ නෙවෙයි".  

මේ වන විට මෙ ප්‍රදේශයේ ජලය අඩු වි ඇති බව පවසන ඇය එදා හා අද තත්වයන් ගැනත් අපිට මෙසේ පැවසුවා.

"අද මොනවා වේලාද මන්දා වතුර අඩුයි ඉස්සර පුළුවන් තරම් වතුර තිබ්බා. උල් පත් හැම තැනම නියඟයක් ආවා කියලා වතුර අඩු වුනේ නැහැ. දැන් සතෙකුට බොන්නවත් වතුර නැහැ. ඒ මදිවට රිලවුන්ගෙන් ඌරන්ගෙන් කරදර නමුත් ඉස්සර කාලේ මේ වාගේ කරදර තිබුණේ නැහැ".

ඇයගේ අතේ පච්චයක් කොටා තිබෙනු දැක අපි ඒ පිළිබඳවත් ඇයගෙන් අසා දැනගන්නට අමතක කලේද නැහැ.

"මේ පච්චය කොටලා තියෙන්නේ ගම්පොළ හිටපු මළයාලම් කාරයෙක් මාගේ හිසේ කැක්කුමක් තිබුණා හොඳ වෙන්නේම නැති නිසා ඒ මනුෂ්‍යා ගාවට ගියාම කිවා මෙහෙම පච්චයක් ගහපුවාම හොඳ වෙයි කියලා තමයි කලේ".

කෙසේ වෙතත් මෙ පච්චයේ කොටා ඇත්තේ සිදුහත් කුමරු නෙළුම් මල් 7 ක් උඩ ඇවිද යන රූපයයි.

සිදුහත් කුමරුගේ රූපයක් කොටන්නට තරම් ඇය ඒ අවස්ථාවේ අනුගත වුයේ කුමක් නිසාදැයි වැඩි විස්තරයක් කරන්නට ඇය පසුබට වුණා.

පිංචි මතාවට දරුවන් 10 දෙනෙක් වන අතර එයින් 7 දෙනෙකු පිරිමි දරුවන්.

දැනට ඇය නැවති සිටින්නේ බාලම පුතා වන 62 හැවිරිදි පි.ජි. සෝමපාල ළගයි.

ඇයව බලා ගෙන ඇයගේ කටයුතු නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන්නේ සෝමපාලගේ බිරිඳ නැතිනම් ලේලි වන හැට හැවිරිදි පි.ජි. නන්දාවති විසිනි.

සමහර පුතණුවරුන්ට කර කාර බන්දා දී නිවසට ගෙන බිරින්දෑ වරුන් තම නැන්දම්මාට සලකන්නේ නැති තරම් වුවත් ඇය නම් මේ වයස්ගත මතාවට සලකන්නේ ඇයව නහවා පිරිසිදු කරන්නේ තමන්ගේම මව ලෙසින් වෙනසක් නොමැතිවයි.

ඇගේ ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  995 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,360 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,327 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  34,677 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,059 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,110 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,333 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,892 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,784 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,607 Downloads



Top 10 Commenters

Latest Comments

Top