හැම මාසේකම මනස දියුණු කිරීමේ වැඩසටහන්...
හැමෝම එකතුවෙලා බෝතලේට වතුර පුරවපු හැටි...
මේ අවුරුදු මාසයේ අපට එකිනෙකට වෙනස් විවිද අවුරුදු උත්සව ගැන අහන්න දැකගන්න ලැබුනා.
මේ කියන්න යන්නෙත් පසුගියදා පැවැත්වුණු ඒ වගේ අවුරුදු උත්සවයක් ගැනයි. හැබැයි මේකට සහභාගි වෙන්නේ නේවාසිකව ප්‍රතිකාර ගන්න අබාධිත රෝගීන් සහ රෝහල් කාර්යය මණ්ඩලයයි. හැමෝටම මේ අවුරුදු උත්සවය ටිකක් අමුතු එකක් වෙයි.
මෙය සංවිධානය කර තිබෙන්නේ ජයන්තිපුර පුනුරුත්තාපන රෝහලේ භෞත චිකිත්සක ඒකකය සහ වෘත්තීය චිකිත්සක ඒකකයයි . මෙම අවුරුදු උත්සවය සඳහා ආබාධිත රෝගීන් 10ක් සහ සාමාන්‍ය රෝගීන් 10ක් පමණ සහභාගී වී තිබෙනවා.
ඊට අමතරව රෝහල් කාර්යය මණ්ඩලයේ නිලධාරීන් 40ක් පමණ සහභාගී වූ බවත් එම රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක නිලධාරී චතුර හරීන්ද්‍ර ධනපාල හිරු ගොසිප් වෙත පැවසුවා.
මෙම රෝගීන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා සෑම මසකම මෙවැනිම වූ වැඩසටහන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් ඔහු අප වෙත කියා සිටියා.
ගතින් දුර්වල වුණත් මොවුන්ගේ මනසින් කොච්චර ශක්තිමත්ද යන්න මෙය කදිම නිදසුනක් වනවා.