Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
කොළඹ කුණු නිසා දොම්පේ සහ වත්තල උණුසුම් වූ හැටි - Video

- කොළඹ කුණු නිසා දොම්පේ සහ වත්තල උණුසුම් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,524 Views
කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැලි කසළ බැහැර කිරීමට යෑමේදී දොම්පේ සහ වත්තල ප්‍රදේශවලදී  ඊයේ (20) උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ, එම ප්‍රදේශවල ජනතාව ඊට විරෝය පළ කිරීමත් සමගයි.  

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට දොම්පේ ප්‍රදේශයේදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර ද එල්ල කෙරුණා.

දොම්පේ - කිරිදිවැල - මාලිගාවත්ත පිහිටි අංගනයට කසළ බැහැර කිරීම සඳහා පැමිණි ලොරි රථ කිහිපයක් රදාවාන මහගමසේකර විදුහල ඉදිරිපිට ඊයේ පෙරවරුවේ නවතා තිබුණා.
ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් වූ මෙම කසළ අංගනයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවක් පැවැත්වුණේ පොලිස් හා කසළ අංගන  නිලධාරීන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

ඊට නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වුණා.

වෙන් නොකළ කසළ රැගෙන විත් තිබූ  ලොරි රථයක්  නිළධාරීන් පරීක්ෂාවට ලක් කළේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, කසළ ඉවත් කිරීම සදහා අදාළ ලොරි රථ නැවතත් අංගනය පිහිටි ස්ථානයට පැමිණීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එම ස්ථානයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද පැමිණ සිටි අතර, ඔහු ද විරෝධතාවට එක්වුණා.

එහිදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් එම ස්ථානයේ කසළ බැහැර කිරීමට හැකිවූයේ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ පස්වරු 5.30 ට පමණ උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ එක්රැස් වන කසළ වත්තල- මුතුරාජවෙල - - දෑලතුර ප්‍රදේශයට බැහැර කිරීම සඳහා  ඊයේ පෙරවරුවේ ලොරි රථ එම ස්ථානයට  පැමිණියා.
එහිදී  ප්‍රදේශවාසීන්විරෝධයේ නිරත වුණේ දෑලතුර ඇල මාර්ගය අසල ඇති ප්‍රවේශ මාර්ගය කොටන්  දමා හරස් කරමින්.

එහිදී මිගමුව සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග   එම ස්ථානයට පැමිණ කොළඹ නාගරික කොමසාරිස් වරයාගේ ඉල්ලීම විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළා.

අනතුරුව වත්තල  ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට පැමිණ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළ අතර එහිදී ද ජනතාවගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.

මේ අතර, කැස්බෑව අධිකරණයේ අවසරය මත කොළඹ නගර සීමාවේ රැස් වූ කසළ ඊයේ පිළියන්දල  කරදියාන කසළ අංගනය වෙත බැහැර කෙරුණා.

ඒ අනුව 17 වැනිදා සිට 28 දක්වා දිනකට කසළ මෙට්‍රික් ටොන් 350 ක් මෙම ස්ථානයට  බැහැර කිරීමට අවසර හිමිවූ අතර පෙරවරු 10.30ට පමණ මෙට්‍රික් ටොන් 350 හේ සීමාව සම්පුර්ණ වී තිබුණා.

ඉන් අනතුරුව පැමිණි ලොරි රථ 11 ක් පමණ හරවා යැවීමට අංගනය භාර නිලධාරීන් කටයුතු කළා.

එම වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,001 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,360 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,327 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  34,677 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,059 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,111 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,339 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,893 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,784 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,607 Downloads



Top 10 Commenters

Latest Comments

Top