Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
ගැබිනි බිරිඳ පලිහක් කරගෙන ගංජා වික්ක තරුණයෙකු කොටුකරගත් පොලිස් මෙහෙයුම

- ගැබිනි බිරිඳ පලිහක් කරගෙන ගංජා වික්ක තරුණයෙකු කොටුකරගත් පොලිස් මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,395 Views
ගැබිනි බිරිය පලිහක් ලෙස යොදාගෙන පොලිසියට වෙට්ටු දමමින් ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකළ බව කියන තරුණයකු ගංජා පැකට් 94ක් සමඟ කටහගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (19දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කහටගස්දිගිලිය පොලිස් වයමේ මහවැව කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් බවයි පැවසෙන්නේ.

ඔහුගේ ගැනුම්කරුවන් දුරකතන ඇමතුමක් ලබාදුන් විගස දරුවා ලැබීමට සිටින බිරිය සමඟ යතුරු පැදියෙන් අදාළ ස්ථානයට ගොස් ගංජා අලෙවි කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු පොලිසිය මඟහැරීම සඳහා දරුවා ලැබීමට සිටින බිරිය පලිහක් ලෙස යොදාගෙන ඇති බවත් බිරියගේ කළමනා සහිත බෑගයක සූක්‍ෂ්මව ගංජා පැකට් සඟවාගෙන සිටින බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත උපාය දූතයකු යොදවා ගංජා පැකට්ටුවක් ඇණවුම් කළ අවස්ථාවේ ඔහු කුඩා බෑගයක දමාගෙන කහටගස්දිගිලිය නගරයට ගංජා රැගෙන ආ බවත් ඒ අවස්ථාවේ සැකකරු පොලිස් භාරයට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී කුඩා බෑගයේ ගංජා පැකට් 94ක ප්‍රමාණයක් තිබූ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේත් ගැබිනි බිරිය ඔහු ආසන්නයේ සිටි බවයි පැවසෙන්නේ. එක් ගංජා පැකට්ටුවක් රුපියල් 500ක පමණ මුදලකට සැකකරු අලෙවි කරන බවත් පොලිසිය සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගංජා පැකට් 94ක් සන්තකයේ තබාගත් බවත් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව දඬුවම් නියම කිරීම මහෙස්ත්‍රාත්වරයා විසින් පසුවට කල් තබා තිබෙන බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  1,679 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  18,785 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,201 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,700 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  21,346 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  11,686 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,422 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,283 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,133 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  48,078 Downloads



Top 10 Commenters

Latest Comments

Top