සිය පුතුගේ වියෝව දරාගත නොහැකි වු මවක් පුතුගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ මරණයට පත්වීමක් පිළිබඳ අනුරාධපුර සාලියපුර මාන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ළමුන් 6 දෙනෙකුගේ මවක් වන 59 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ පුත්‍රයකු පසුගිය 17 වනදා හදිසි හෘදයාබාධයකින් මරණයට පත්වී ඇත්තේ අලුත් අවුරුදු නිවාඩුව සඳහා නිවසට පැමිණ සිටියදීයි.
32 හැවිරිදි ඔහු වැලිසර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙක් බවයි අප වාර්තාකරු කියාසිටියේ.
පෙරේදා පස්වරුවේ එම තරුණයාගේ අවසන් කටයුතු සඳහා දේහය සාලියපුර සුසාන භූමියට රැගෙන යාමට සුදානමින් ආගමික වතාවත් සිදුවන අතරවාරයේ මෙම මව සිහිසුන්ව වැටී තිබෙනවා.
අනතුරුව ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.