Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
‘‘මම දන්නා තරමට අලුත් නළු නිලියෝ අඩු ගාණට රඟපානවා“ - ඉරේෂා රණසිංහ - Exclusive

- ‘‘මම දන්නා තරමට අලුත් නළු නිලියෝ අඩු ගාණට රඟපානවා“ - ඉරේෂා රණසිංහ - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views
‘‘සමහර අධ්‍යක්ෂවරු  අඩු මුදලකට කතා කරන්නේ..“
‘‘මම සල්ලි හම්බකරන්න ඒ දේ කරනවා නෙමෙයි...“

කාලයක් පුංචි තිරයේ සිත් ගත්තීය බවට පත් වෙන්න ඇයට හැකියාව ලැබුණා. නමුත් ටිකෙන් ටික ඇය පුංචි තිරයෙන් ඈත් වුණා. ආයෙමත් ඇයව ඉදහිට හෝ දකින්න ලැබෙනවා. ඇය නමින් ඉරේෂා රණසිංහ. හිරු ගොසිප් එක්ක කතා කරන්න ඇයව එකතු කරගත්තා.

කාලයක් පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබුණේ නැහැ. යළිත් නිර්මාණ එක්ක එකතු වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද...?
මම ආයෙමත් රඟපාන්න ආවේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ. ටෙලිනාට්‍ය දෙකක් ළගදි විකාශය වෙලා අවසන් වුණා. තව එකක් විකාශය වෙනවා. මේ නිර්මාණ වලට මට හොද ප්‍රතිචාර ලැබෙනවා.

රසික හිත් ආකර්ෂණය කරගන්න විවාහය හරස් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද...?
කොහෙත්ම නැහැ. මට ආදරේ කරන්නේ මම කරන චරිතවලටයි. මම නපුරු චරිතයක් කළොත් වැඩිපුර ඒ ගැන කතා කරනවා. ඒ නිසා ජනතාව කලාකරුවන්ට ආදරේ කරන්නේ අවිවාහය මත කියන්න බැහැ.

රංගනයට අවතීර්ණ වෙන අලුත් නිළියෝ නිසා ඉරේෂාට රංගනයට ඇරයුම් ලැබෙන්නේ අඩුවෙන්ලු...?
ඒක නම් ඇත්ත වෙන්න ඇති. මොකද දැන් හැම දවසකම  දකින්න ලැබෙන්නේ අලුත් මුහුණු. මම දන්නා තරමට අලුත් නළු නිලියෝ අඩු ගාණට රගපානවා. සමහර අය රඟපාන්න තියන ආසාවට මුදලක්වත් ගන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් එක්ක පරණ නිළියන්ට ආරාධනා ලැබෙනවා අඩුයි. බොරු කියන්න අවශ්‍ය නැහැනේ. මටත් ආරාධනා ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට අලුත් පරම්පරාව නිසා එහෙම වෙනවත් ඇති.

වැඩිපුර මෙගා නාට්‍ය වල ඉන්නේ ලැබෙන මුදල වැඩි නිසාද...? චරිතයකට ඔබේ මුදල්මය තක්සේරුව කොයි වගේද ..?
නැහැ.  මට ලැබුණු නිර්මාණවල ලස්සන කතාවක් තිබුණා. ඒ නිසා මම ඒවාට සම්බන්ධ වුණා. මමත් කැමති කෙටි නාට්‍ය වලට තමයි. නමුත් දැන් කෙටි නාට්‍ය බිහිවෙනවා අඩුයි. ඒ කොහොම වුණත් මම මගේ වටිනාකමට මුදලක් අය කරනවා. සමහර අධ්‍යක්ෂවරු  අඩු මුදලකට කතා කරන්නේ. නමුත් මම මගේ මුදලට ආවේ නැත්තම් එය භාර ගන්නේ නැහැ. මම සල්ලි හම්බකරන්න ඒ දේ කරනවා නෙමෙයි. මම රඟපාන්නෙත් ආසාවට මිසක් සල්ලි හම්බකරන්න නෙමෙයි.

රංගන වැඩ කටයුතු එක්ක ගෙදරට මුල් තැන දෙන්න කාලයක් තියනවද ...?
මම හැමදාම හිතුවේ විවාහ වුණාට පස්සේ රඟපාන්නේ නැහැ කියලයි. මට ඕන වුණේ ගෘහණියක් විදිහට සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න. නමුත් මම රඟපාන්න කැමති නිසා සැමියාගේ කැමැත්ත මත ඒ දේවල් කරනවා. මගේ සීමාව ඇතුළේ. චරිතයකට අනවශ්‍ය විදිහට විලාසිතා තිබුණොත් පවා මම ඒ චරිතය භාර ගන්නේ නැහැ. ඒ දේවල් එක්ක පවුල් ජිවිතේ සාර්ථකව ගෙවන්න උත්සහා කරනවා. මම රූගත කිරීම් වලට යනකොට දරුවෝ දෙන්නා සැමියාගේ අම්මා බලාගන්නවා. ඒ වගේම සැමියත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මුලින්ම පවුලේ වැඩ කරලා තමයි මම හැමදේම කරන්නේ.මුලික තැන ගෙදර කිව්වොත් හරි.

ඉරේෂා ගොසිප් වලට බය කෙනෙක් කියන්නේ ඇත්තද ...?
මම නම් ගොසිප් වලට කොහොමත් බය නැහැ. කට කතා කියන එක හැදෙන්නේ වගේම හදන්නේ මිනිස්සු හැසිරෙන විදිහටයි. ඒකේ ඇත්ත වගේම බොරුවත් තියෙනවා. මම දන්නවා මම කව්ද කියලා. මම මගේ සීමාව අදුරගෙන ඉන්න කෙනෙක්. සීමාවෙන් පිට පනින්නේ නැහැ. ඒ නිසා අද වෙනකල් මට නම් කට කතා හැදිලා නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top