දෙමහල් නිවෙසක බිම් මහලේ නැන්දම්මා පදිංචිව සිටියදී ඉහල මහලේ සිඟිති දියණිය හා පුරුෂයා සමග ජීවත් වූ කාන්තාවක් සැමියා නැති අවස්ථාවක ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් පහළට පැමිණ අනියම් පුරුෂයා සමග පැනයද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගේ වයස අවුරුදු 21 ක්. දියණියගේ වයස අවුරුදු දෙකයි මස පහක් බවත් සැමියා ධීවරයෙකු බවත් වැලිගම පොලිසිය සඳහන් කරනවා.
සිඟිති දියණිය හඬනු ඇසුණු නැන්දම්මා එය බැලීමට උඩු මහලට යද්දී ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ලේලිය පැනගොස් ඇති බවට සැකසිතී නැන්දම්මා පොලිසිය දැනුවත් කර තිබෙනවා.
අදාළ කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.