අපේ හදවත් සසල කරන්නට පුළුවන් ඇතැම් විදිහෙ දේවල් ගොඩක් වෙලාවට අපිට මුහුණුපොතෙන් දකින්න ලැබෙනවා.
ඒ වගේම හදවත සසල කරවන සංවේදී කතාවක් පසුගියදා මුහුණුපොතේ දකින්න ලැබුණා.
ඒ අලුත උපන් බලු පැටව් 8 දෙනෙකුගේ මවක් වාහනයකට හැපී පණ අදිමින් වේදනාවෙන් සිටින අවස්ථාවක තම පැටවුන්ට කිරි දෙන ආකාරය.
මිනුවන්ගොඩ පදිංචි උදය, ඒ අම්මාගේ පණ රැක ගන්න ගොඩක් මහන්සි වෙලා දොස්තර කෙනෙකුගේ ප්‍රතිකාර බලු අම්මාට ලබා දුන්නත් පැය දෙකකට පස්සේ ඒ අම්මා මේ ලෝකෙට සමු දුන්නේ පැටව් ටිකට අම්මාගේ සෙනෙහස අහිමි කරලා.