සෙනාලි ෆොන්සේකා කලා පවුලකින් පැවත එන චරිතයක් නිසා ඇයව අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඓතිහාසික චරිතයකින් මිනිසුන්ගේ හිත් ආකර්ෂණය කරගත් ඇය ගැනයි මේ හිරු ගොසිප් කතා බහ.
කාලෙකට පස්සේ ඔබව යළිත් දකින්න ලැබෙනවා. කොහොමද අලුත් තොරතුරු...?
ඔව්. මම ලංකාවට ඇවිත් මාස දෙකක් විතර වෙනවා. මම සිරිපැරකුම් චිත්‍රපටියේ වැඩ අවසන් කරපු ගමන්ම එංගලන්තේ ගියා. උපාධියේ වැඩ අවසන් වුන නිසා ආයෙමත් ලංකාවට ආවා. මේ කාලෙට නිර්මාණ කිහිපයකට දායකත්වය ලබා දුන්නා. එක නාට්‍යයක් මේ වෙනකොට විකාශය වෙනවා.
ආයෙමත් විදෙස් ගත වෙන්නද බලාපොරොත්තුව ...?
මම අවුරුද්දක විතර කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලේ ඇතුළත නිර්මාණාත්මක චරිත වලින් ප්‍රේක්ෂකයින් අතරට යන්න මම උත්සහ කරනවා.
එංගලන්තයේ හැදී වැඩුනාට කැමරාව ඉදිරියේ ඔබට පෙනී ඉන්න ලැබෙන්නේ ගැමි චරිත..ඒ හැඩය ඔබට දැන් හුරු පුරුදද ..?
මට අවශ්‍ය දේත් ඒකමයි. මම කැමතියි රඟපාන්න. එහෙම නැතුව කැමරාව ඉදිරියේ පෙනී ඉන්න මගේ කැමැත්තක් නැහැ. ඒ නිසා මට ලැබෙන පිටපත් මම කියවලා බලනවා මට ඒ චරිතයේ රඟපාන්න තියනවද කියලා. ඒ වගේම කතාවත් එකිනෙකට වෙනස් නම් විතරයි මම රඟපාන්නේ. මම එංගලන්තයේ ගොඩක් කල් හිටියත් මම ලංකාවේ කෙනෙක්. බටහිර පෙනුමට ඉන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම මට ගැමි චරිත හොදට රඟපාන්නත් පුළුවන්. ඉදිරියේදී මාව බටහිට පෙනුමෙනුත් දකින්න ලැබෙයි.
මාලනී ෆොන්සේකා කියන්නේ මෙරට නිලි රැජිණ. නමුත් ඇය ඔබට නැන්දණියයි. ඔබේ රංගන කුසලතාවය ගැන ඇය දැන් මොකද කියන්නේ ..?
මගේ මුල්ම රඟපෑම දැකලත් ලොකු නැන්දා ගොඩක් සතුටු වුණා. ලොකු නන්දා වගේම පොඩි නැන්දත් මට ආදරෙයි. ඒ අයගේ ගුරුහරුකම් මට හැමදාම ලැබෙනවා.
නිලි රැජින නිසා ඔබ ආඩම්බරයෙන්ලු ...?
අනේ නැහැ. මම හැමදාම නැන්දාව දැක්කේ මගේ නැන්දා විදිහට මිසක් නිලියක් විදිහට නෙමෙයි. මම ආදරේ කරන්නේ මගේ නැන්දට. ඇය ලංකාවේ නිලි රැජිණ. හැමෝම ගරු කරනවා ආදරේ කරනවා. මමත් එහෙමයි. නැන්දා නිහතමානිව ජිවත් වෙද්දී මම මොකටද ආඩම්බරයෙන් ඉන්නේ. එහෙම වුණොත් එකෙන් නැන්දාටයි හොඳ නැත්තේ. මම නිහතමානිව ආඩම්බර වෙන්නේ ඇය නිලි රැජිණක් නිසයි. නමුත් මම ආඩම්බර නැහැ.
කොහොමද රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර...?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සතුටුයි. මම වැඩිය නිර්මාණ වල නැතුවත් මේ තරම් ආදරේ ලැබෙන එක ගැන.
ඔය අතරේ ආදරේට ඇරයුම් කීයක් විතර ලැබිලා තියනවද...?
ගොඩක් රසිකයින් මගෙන් ආදරේ ඉල්ලනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මම කොහොමද ඒ කෙනෙක්ව පෙම්වතෙක් කරගන්නේ. මම කොහොමත් කැමති නැහැ සෙනාලි කියන නිලියට ආදරේ කරන කොල්ලෙක්ට. මට ඕන සාමාන්‍ය ජිවිතේ ඉන්න මට ආදරේ කරන කෙනෙකුටයි.
එහෙම කෙනෙක් තවම මුණ ගැහුනේ නැද්ද...?
නැහැ. මට ආදරේ කරන කෙනෙක් මම ආදරේ කරන කෙනෙක් තවම නැති නිසා මම තනිකඩයි. හොඳ කෙනෙක් ලැබෙයි කියලා හිතනවා.
නළුවෙක්ගෙන් ආදරයට ඇරයුම් ලැබුණොත්...?