ලොව සුපිරි පිතිකරුවන් අතර පෙරමුණේ සිටින කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ ලකුණු 10000 (දසදහසේ) සීමාව පසු කිරීමට ඊයේ (18) සමත්වුනා.
ඒ අනුව විස්සයි විස්ස පිටියේ ලකුණු දසදහසේ සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා ලෙසින් ඔහු ඊයේ වාර්තා පොතට එක්වූවා.
IPL තරඟාවලියේ Gujarat Lions කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයේ Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිස් ගේල් ලකුණු 77 ක් රැස්කරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bangalore කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ගේල් තම සුපිරි ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 7 ක් එක්කළේ ප්‍රේක්ෂකාගාරය මවිත කරමින්.
ගේල් ඊයේ තරඟයට එක්වූයේ සුපිරි පිතිකරු AB de Villiers වෙනුවටයි.
ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ගේල් සමඟ එක්වූ ඉන්දීය සුපිරි පිතිකරු කෝලි ලකුණු 64 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින්.
Royal Challengers Bangalore කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 122 ක් වූ අතර ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 213 රැස්කළා.
මෙම ලකුණු ප්‍රමාණය මෙවර IPL තරඟයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Lions කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 192 ක් පමණයි.
ඒ අනුව මේවර තරඟාවලියේ ඊයේ පැවති 20 වන තරඟයේ ජය ලකුණු 21 කින් හිමිකරගැනීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත්වූවා.
Gujarat Lions වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ BB McCullum හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 72 ක් රැස්කළා.
YS Chahal ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත්තා.
තරඟයේ වීරයා වූ සුපිරි පිතිකරු ගේල් ලකුණු දසදහසේ සීමාව පසුකළ අයුරු පහතින්.
