සිය බිරිඳට පිහියෙන් ඇණ තුවාල සිදුකර පසුව ඇයට ගිනි තැබූ සැමියෙකු තමාගේද සිරුරට ගිනි තබාගත් පුවතක් අක්මීමන - පින්නදූව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙම කාන්තාව සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන් නොවී තිබූ අතර, පසුගියදා ඇයගේ සොහොයුරෙකු සමග අක්මීමන පුහුල්හේන ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබුණා.
පසුගිය 17 වන දා එම ස්ථානයට පැමිණි සැමියා, බිරිඳ සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබෙන අතර, එහිදී සැමියා විසින් මෙලෙස බිරිඳට තියුණු ආයුධයකින් පහර දී පසුව ගිනි තබා ඇති බව සඳහන්.
ඉන් අනතුරුව සැමියාද සිරුරට ගිනි තබාගෙන තිබුණා.
අනතුරුව මොවුන් දෙදෙනාම ගාල්ල - කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනාම ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.