නදීෂා අලහප්පෙරුම කියන්නේ පුංචි තිරයට මිට වර්ෂ 14කට පමණ පෙර රංගනයෙන් අවතීර්ණ වුණ නිළියක්. කාලයක් දකින්න නොලැබුණත් ඉඳ හිට හෝ ඇයව දකින්න ලැබෙනවා. ඒ නිසා ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න කල්පනා කළා. මේ ඇගේ තොරතුරුයි.
නිළියක් වුණත් ඔබ ගෘහණියක්. මවක් බිරිඳක්. මේ පදවි එක්ක කාර්යබහුල ජිවිතයක් නේද ගත කරන්නේ...?
අම්මා කෙනෙක් කියන්නේ ඉතාම කාර්යබහුල චරිතයක්. දරුවන්ගේ වැඩ වලින් වගකීම් වලින් අපිට මිදෙන්න බැහැ. පුතාගේ වයස දැන් පහයි. පෙර පාසැල් යනවා. ලබන අවුරුද්දේ පාසල් යන්න තියනවා. දුවගේ වයස නම් තුනයි. පුතාගේ පෙර පාසල් නිවාඩු නිසා ගෙදර එකම යුද්ධයක්. මොනදේ තිබුණත් මේ දෙන්නා තමයි මගේ ජිවිතේ. කාර්යබහුලයි. මහන්සියි. නමුත් සතුටින් පවුල් ජීවිතය ගෙවනවා.
විවාහයත් එක්ක රඟපෑම අතරමග නතර කරලද ...?
රඟපෑම කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පුළුවන් හැම මොහොතකම මම රඟපාන්න උත්සහා කරනවා. ඒක නතර කරන්නේ නැහැ.
ඔබ සම්බන්ධ වුණ නිර්මාණ ගැනත් මතක් කරමු ..?
මම අවුරුදු හයකට පස්සේ තමයි ආයෙමත් රගපෑවේ. නිර්මාණ තුන හතරකට සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙලත් තියනවා. ඉදිරියේදීත් ලස්සන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න හිතනවා.
මවක් වීමත් එක්ක නදීෂා තරබාරු වුණා. තාවකාලිකව රඟපාන එක නතර වෙන්න ඒකත් හේතුවක්ද.එහෙම නැත්තම් ආරාධනා අඩු වුණාද ...?
මම විවාහ වුණාට පස්සේ වගේම බබාලා ලැබුණට පස්සේ මහත් වුණා. මගේ සැමියා තමයි මාව උනන්දු කළේ කට පරිස්සම් කරගෙන කන්න වගේම ව්‍යායාම කරන්න කියලා. රඟපෑවත් නැතත් ලස්සනට ඉන්න කියලා එයා මට නිතරම කියනවා. මට නම් කට පරිස්සම් කරගන්න අමාරුයි. දැන් ටිකක් කෙට්ටු වෙලා. මහතට හිටියා කියලා ආරාධනා නොලැබී තිබුනෙත් නැහැ.
ජනප්‍රිය බොහෝ අය ජනප්‍රියත්වය මුල් කරගෙන පවුල් ජිවිතේ ගැන හිතන්නේ නැහැ. ඔබේ ජිවිතේ අංක එක මොකක්ද ..?
මම විවාහ වුණ දවසේ ඉදලම මගේ ජිවිතේ අංක එක වුනේ පවුල. දරුවෝ ඉපදුණාට පස්සේ පවුල් ජිවිතේ සුන්දර වුණා. මම හිතන්නේ මගේ පවුල කැඩුනේ නැත්තේ මම පවුලට මුලිකත්වය දුන්න නිසයි. සාර්ථක පවුල් ජීවිතයක් මම ගත කරනවා නම් ඒකට ප්‍රධාන හේතුව පවුල කියන බැඳීම තදින් මගේ හිතේ තිබුණු නිසයි. අංක එක රඟපෑම වුණා නම් මගේ පවුලත් මේ වෙනකොට කැඩිලා.
කලා පවුල් බොහොමයක් විරසක වෙන්න ප්‍රධාන හේතුව විදිහට ඔබ දකින්නේ ...?
අපි මොනදේ කළත් පවුලට මුල්තැන දෙනවා නම් ඒක ආරක්ෂා කරනවා නම් ගෙදර ප්‍රශ්න පිටට ගෙනියන්නේ නැතිව ගේ ඇතුලේ කතා බහ කරලා විසඳා ගන්නවා නම් මොන පවුල වුණත් සාර්ථක වෙනවා. කලා පවුල් විතරක් නෙමෙයි. සාමාන්‍ය පවුල් ජිවිතයක් තමයි හැමෝම ගත කරන්නේ. අපිත් සාමාන්‍ය මිනිස්සු. බැඳීමක් පවත්වාගෙන යන්න බැරි නම් දික්කසාද වෙන එක හොදයි. සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ජනප්‍රිය අයගේ ප්‍රශ්න සමාජගත වෙනවා වැඩියි. ඒකත් හේතුවක්.
නදීෂා කියන්නේ ආඩම්බර චරිතයක්ලු ...?