ඉන්දියාවේ මොහාලි හි ජීවත්වුණු 35 හැවිරිදි හනී මොහාන් නමැති කාන්තාවක් සියදිවි නසාගෙන තිබෙනවා.
ඇය සිය සැමියාට අයත් තාක්ෂණික සමාගමක සේවය කර ඇති අතර එම ගොඩනැගිල්ලේ 11 වෙනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවත් ඇගේ කාර්යාලය ඇත්තේ 3 වෙනි මහළේ බවත් විදෙස් වාර්තවල සඳහන් වනවා.
කෙසේ වෙතත් මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සැක කරනවා. ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අනියම් ප්‍රේමයක් නිසා බවයි පොලීසිය සැක කරන්නේ.
ඇගේ සැමියා වන Harit Mohan මේ මරණය සම්බන්ධයෙන් පවසා ඇත්තේ කාලයක් තිස්සේ ඇය මානසික අවපීඩනයෙන් පෙළුණා කියලයි.