Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
18
උණවටුනේ බංගලාවක් ගත්ත නෙදර්ලන්ත ජාතිකයෙකුට සංචාරක මගපෙන්වන්නා දීපූ ගේම

- උණවටුනේ බංගලාවක් ගත්ත නෙදර්ලන්ත ජාතිකයෙකුට සංචාරක මගපෙන්වන්නා දීපූ ගේමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
"උඹ බ්‍රොකර් වැඩේ කරපන්. කීයක් ගියත් කමක් නැහැ"..

"උඹ කලබල වෙන්න එපා. අපි ඕකට ගේමක්‌ ගහමු"

ලංකාවට හැම දවසකම සංචාරකයින් පැමිණෙනවා. ඒ විදිහට ලංකාවේ සංචාරයකට මැදිවියේ පසු වුණ නෙදර්ලන්ත ජාතිකයෙක් පසුගිය වර්ෂයේ මෙරටට පැමිණෙනවා. ඔහුගේ නම ඩැනියෙල්. ඔහු උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර පැරණි නිවසක්‌ දකිනවා. ඒ නිවසට ඔහුගේ හිත ඇදෙනවා. මෙය   වලව්වකට සමාන නිවසක්. ඒ නිසාම මේ  නිවස මිලදී ගන්න  මොහුට අවශ්‍ය වෙනවා.

ඔය අතරතුර උණවටුනේ දී සංචාරක මගපෙන්වන්නකුව මොහුට හඳුනා ගන්න පුළුවන් වුණ නිසා  ඩැනියෙල් ඔහුත් සමඟ මිතුරු වෙලා  මේ පැරණි නිවස මිළදී ගන්න අවශ්‍ය බව ඔහුට පවසනවා. සංචාරක මගපෙන්වන්නා එය මිලදී ගන්න උදව් කරන්න පොරොන්දු වුන නිසා ඩැනියෙල් සතුටින් හිටියා.

"මට අර  පැරණි නිවස මිලදී ගන්න ඕන. උඹ බ්‍රොකර් වැඩේ කරපන්. කීයක් ගියත් කමක් නැහැ.."
ඒ විදිහට තමයි ඩැනියෙල් බ්‍රොකර්ට කිව්වේ.." අපෝ ඕක සුළු දෙයක්‌. මම අදම වැඩේට බහින්නම්.බය  වෙන්න එපා මම ඒ ගෙදර  අරන් දෙන්නම්.." සංචාරක මඟ පෙන්වන්නා කිව්වා.

ලංකාවේ නීතිය අනුව ඩැනියෙල්ට සින්නක්‌කර මෙම දේපළ මිලදී ගන්න බැහැ . ඒ නිසා මොහු අනූනම අවුරුදු බදු පදනම යටතේ විශාල මුදලක්‌ ගෙවලා  මෙම පැරැණි නිවස මිලදී ගත්තා. ඊට පස්සේ තවත් විශාල මුදලක්‌ ගෙවලා මේ  නිවස සංචාරක නිකේතනයක්‌ විදිහට  සංවර්ධනය කළා.නමුත් ඩැනියෙල් නෙදර්ලන්තයේ ඉදලා   මෙරටට පැමිණෙන්නේ සංචාරක සමයේදී විතරයි. ඔහු මෙරට රැදී ඉන්නේ නැති නිසා ඒ කාලයේ මේ  සංචාරක නිකේතනයේ සියලුම වැඩ  කටයුතු සොයා බැලුවේ  සංචාරක මඟ පෙන්වන්නා. මොහු මෙකී සංචාරක නිකේතනයේ සියලු කටයුතු සොයා බලමින් කටයුතු කළා . මෙහි පරිපාලන කටයුතු කිරීම සඳහා යූරෝ 45000 ක මුදලක්‌ ද සංචාරක මඟ පෙන්වන්නා විසින් ඩැනියෙල්ගෙන් ඉල්ලා ගත්තා.

මේ විදිහට කාලය ගෙවිලා ගියා . දවසක්  සංචාරක මඟ පෙන්වන්නා  ඩැනියෙල්ට දුරකථනයෙන් කතා කරලා මේ ඉඩමට බෙදුම් නඩුවක් අධිකරණයේ තිබෙන බව පවසලා තියෙනවා.  ඒ නඩුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය බවත් බෙදුම් නඩුවට ඉදිරිපත් වෙලා ඒ කොටසත් අත්පත් කරගන්න පුළුවන් බවත් ඒ සඳහා ලක්‌ෂ 37 ක මුදලක්‌ අවශ්‍ය බවත්  සංචාරක මඟ පෙන්වන්නා  ඩැනියෙල්ට පවසලා තිබෙනවා. ඒ වන විට සංචාරක මඟ පෙන්වන්නා කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසු ඔහු  එම කටයුත්තට කැමති වෙනවා. මේ අතර සංචාරක මඟ පෙන්වන්නා විසින් ඩැනියෙල්ට තවත් යෝජනාවක්‌ කරනවා.

මෙම දේපළ අනූනම අවුරුදු බදු පදනම යටතේ  මිලදී ගත්තත් ඉඩමේ ඔප්පුවේ නම තියෙන්නේ මුල් අයිතිකරුගේ නමින්. ඒ නිසා මුල් අයිතිකරුගේ අයිතියත් අපි ලියාගමු. සංචාරක මඟ පෙන්වන්නා ඒ විදිහට ඩැනියෙල්ට යෝජනා  කරනවා. ඩැනියෙල්  ඒ යෝජනාවට එක පයින් කැමති වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඩැනියෙල් ඔහුගෙන් අහනවා.කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ලංකාවේ නීතිය අනුව මුල් අයිතිකරුගේ අයිතිය නුඹගේ නමට ලියන්න බැහැ. උඔ මගේ යාළුවා මගේ නමට ඒ අයිතිය ලියමු. ඒ සඳහා රුපියල් ලක්‌ෂ 50ක මුදලක්‌ යනවා. සංචාරක මඟ පෙන්වන්නා යෝජනාව ඒ විදිහට කියනවා.සංචාරක මඟ පෙන්වන්නා කෙරෙහි කිසිදු අවිශ්වාසයක්‌ නොතිබූ ඩැනියෙල් එයටත්  එකග වෙනවා.ඒ කටයුත්තත් ඒ විදිහටම සිදුවෙනවා.

මේ අතර ඩැනියෙල් නෙදර්ලන්ත ජාතික මිතුරකු සමඟ සංචාරක සමයේ මෙරටට පැමිනෙනවා.ඩැනියෙල් තම මිතුරා සංචාරක නිකේතනය වෙත කැඳවාගෙන ගොස්‌ එය පෙන්වීමට ද අමතක කරන්නේ නැහැ. මෙකී පැරණි නිවස දැකීමෙන් ඩැනියෙල්ගේ නෙදර්ලන්ත ජාතික මිතුරාත්  දැඩි ලෙස කැමති වෙනවා.ඩැනියෙල් මේ බංගලාව මිලදී ගන්න මම කැමතියි. මට ගණන කියන්න. ඩැනියෙල්ගේ මිතුරා කිව්වා. මට මෙම දේපළ මිලදී ගන්න හා සංවර්ධන කටයුතු කරන්න මිලියන 65 ක්‌ වියදම් වෙලා තියෙනවා. ඒ මුදල දෙන්න මේ සියලු දේපළ නුඔට දෙන්නම් ඩැනියෙල් කිව්වා. එහෙත් මේ ගැන ඩැනියෙල්ගේ නෙදර්ලන්ත ජාතික මිතුරා කිසිවක්‌ කීවේ නැත. මේ අතර ඩැනියෙල් සංචාරක සමය අවසන් වීමත් සමඟ යළි නෙදර්ලන්තය බලා පිටත්ව යනවා.එහෙත් ඩැනියෙල්ගේ මිතුරා මෙරට තවදුරටත් රැඳී ඉන්නවා.

ඔහුත් සංචාරක මඟ පෙන්වන්නා එක්ක  දැඩි ලෙස හිතවත් වෙනවා . ඩැනියෙල්ට මිලියන 65 ක්‌ දෙන්න ඕන නැහැ. සංචාරක මඟ පෙන්වන්නා සමඟ එකතු වෙලා ගේමක්‌ ගහලා මගේ අරමුණ ඉෂ්ඨ කරගන්න ඕන. ඩැනියෙල්ගේ නෙදර්ලන්ත ජාතික මිතුරා කල්පනා කරලා  ඔහුගේ අදහස සංචාරක මඟ පෙන්වන්නාට කියනවා.

සංචාරක මග පෙන්වන්නා ඔහුවත් රවට්වාන්න හිතලා "උඹ කලබල වෙන්න එපා. අපි ඕකට ගේමක්‌ ගහමු. නුඔට මම මේ බංගලාව අරන් දෙන්නම්.." සංචාරක මඟ පෙන්වන්නා එහෙම කියනවා. මේ අතර සංචාරක මඟ පෙන්වන්නා විසින් එක්‌ දිනක්‌ ඩැනියෙල්ට දුරකථනයෙන් කතා කරනවා.

මට මේක දැන් කරගෙන යන්න අමාරුයි. ප්‍රංශ ජාතිකයෙක්‌ මට සෙට්‌වුණා. ඔහු මේ බංගලාව ඉල්ලනවා අවුරුදු දෙකක බදු පදනම යටතේ. අවුරුදු දෙකට ලක්‌ෂ 35ක්‌ ගන්න පුළුවන් සංචාරක මඟ පෙන්වන්නා බොරුවක් කියනවා ." උඔටත් කරගෙන යන්න බැරි නම් අපි මේක ප්‍රංශ ජාතිකයාට බදු දෙමු.." ඩැනියෙල් කියනවා. එහෙනම් මට එවපන් ඇටෝනි බලපත්‍රයක්‌ සංචාරක මඟ පෙන්වන්නා කියනවා. ඩැනියෙල් එයටද කැමති වෙලා  ඇටෝනි බල පත්‍රයක්‌  සංචාරක මඟ පෙන්නාට එවනවා.  මීට පෙර ඩැනියෙල්ට බොරු කියා ගෙන්වා ගත් මුදල්ද ඔහු ළඟ තිබුනා.ඒ අනුව මීට පෙර ඩැනියෙල් එවා තිබූ මුදල්වලින් රුපියල් ලක්‌ෂ 35 ක මුදලක්‌ ඩැනියෙල්ට යෑවීමට සංචාරක මඟපෙන්වන්නා කටයුතු කරනවා.

සංචාරක මඟ පෙන්වන්නා ඩැනියෙල්ට කියන්නේ  එම මුදල ප්‍රංශ ජාතිකයා විසින් ලබා දුන් අවුරුදු දෙකේ බදු මුදල් කියලයි. ඩැනියෙල්  ඉන් සතුටට පත් වෙලා  සංචාරක මඟ පෙන්වන්නාව තවත් විශ්වාස කරනවා.එහෙත් සංචාරක මඟ පෙන්වන්නා ඩැනියෙල්ගේ මිතුරා සමග එක්‌වී ගසා තිබුණේ ප්‍රෝඩාවක්.ඩැනියෙල් එවා තිබූ ඇටෝනි බලපත්‍රය භාවිත කොට ඩැනියෙල්ගේ සංචාරක නිකේතනය ඇතුළු දේපළ සංචාරක මඟ පෙන්වන්නා විසින් ඒ වන විට ඩැනියෙල්ගේ මිතුරාට ලියා තිබුණා. වසර දෙකක්‌ ඒ විදිහට ගතවුනා . දැන් බදු කාලය අහවරයි නේ. මට දැන් මගේ දේපළ දෙන්න කියා ඩැනියෙල් විසින් සංචාරක මඟ පෙන්වන්නාට කිව්වා. එහෙත් සංචාරක මඟ පෙන්වන්නාගෙන් එයට උත්තරයක්‌ ලැබුණේ නැති නිසා  ඩැනියෙල් ලංකාවට  පැමිනෙනවා. තම දේපළ ගැන සොයා බලනවා.

සංචාරක මඟ පෙන්වන්නා හා ඩැනියෙල්ගේ මිතුරා එක්‌වී තමන් රවටා මිතුරා විසින් තම දේපළ සම්පූර්ණයෙන්ම ලියාගෙන ඇති බැව් ඩැනියෙල් දැන ගන්නවා . මින් ඩැනියෙල් දැඩි ලෙස කලබලයට පත් වෙලා  ඔහු මේ ගැන පොලිසියේ පැමිණිලි කරනවා  ඉන් නොනැවතී අපරාධ පරීක්‌ෂණ දෙපාර්ත මේන්තුවට ගොස්‌ පැමිණිලි කරන්නත් ඔහු පසුබට වෙන්නේ නැහැ .

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් සංචාරක මඟ පෙන්වන්නාගෙන් හා නෙදර්ලන්ත ජාතිකයාගේ මිතුරාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරනවා. පසුව සියල්ල අනාවරණය වෙනවා. ඒ අනුව මොවුන් දෙදෙනා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නවා. ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ ද ගොනු කරනවා මොවුන් දෙදෙනාට එරෙහිව. ටික කාලයක්‌ මෙවුන් දෙදෙනා රක්‌ෂිත බන්ධනාගාරගත වෙලත් ඉන්නවා. පසුව අදාළ ලිපි ගොණුව නීතිපති උපදෙස්‌ සඳහා කියලා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවලා තියෙනවා. යම් නීතියක්‌ ඉෂ්ඨ වෙලා තියෙනවා. තවමත් නීතිපති උපදෙස්‌ ලැබිලා නැහැ.

මෙම පුවත දිනපතා පුවත්පතක පළවී තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top