Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
18
මීතොටමුල්ල කුණු කන්ද වෙනුවෙන් අරගල කළ කීර්තිරත්නගේ කඳුලු කතාව - Video

- මීතොටමුල්ල කුණු කන්ද වෙනුවෙන් අරගල කළ කීර්තිරත්නගේ කඳුලු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
බිරිඳ, බෑණනුවන්, සහ මිණිබිරිය කුණු කන්ද ගිලගෙන...

"මුණුබුරයි මායි විතරයි මේකෙන් ගැළවුනේ"

"මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන ගිහිල්ලා මුන් ඔක්කොම විනාශ කරගෙනයි මම මැරෙන්නේ"

දරුණු පාරිසරික ගැටලුවලට හේතුවක් වුණු මීතොටමුල්ල කසළ කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ අරගල ගණනාවක නිරත වුණා.

ඒ අරගල විසඳුමකින් තොරව අවසන් වූවත් පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් ඒ අරගලකරුවන්ට අත්ව ඇත්තේ කෙබඳු ඉරණමක් ද?

කීර්තිරත්න පෙරේරා මීතොටමුල්ල කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරුයි.

තමන්ගේ ජීවිතවලට ඉහළින් මීතොටමුල්ල කසළ කන්ද ටිකෙන් ටික ගොඩනැගෙද්දී ඊට එරෙහිව සටන් කරන්නට කීර්තිරත්න මහතා පෙරමුණ ගන්නේ භයංකර අනාගත ඉරණමක පෙර නිමිති දුටු පුද්ගලයෙකු ලෙසින්.

අවස්ථා ගණනාවකදීම මීතොටමුල්ල කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ අරගලවල ක්‍රියාකාරිව නිරත වන කීර්ති රත්නමහතා කසළ කන්දෙන් තම ජීවිත මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජීවිත ද බේරා ගන්නට උත්සාහ දරන්නේ වඩා යහපත් වූ අනාගතයක් වෙනුවෙන්.

තමන්ගේ ජීවිතය පිළිබඳව ද නොසිතා කසළ කන්ද වෙනුවෙන් අරගලයේ යෙදුණු කීර්තිරත්න මහතා වරෙක ප්‍රහාරයකට ද ලක් වන්නේ ගැටලුව තව තවත් බරපතළ කරමින්.

තමන්ගේ ගැටලුවලට සාධාරණයක් ඉල්ලා ප්‍රදේශවාසීන් සමග එක්ව අරගලයේ නිරත වුණු කීර්තිරත්න නොබියම බලධාරීන්ට අභියෝග කළ අවස්ථා එමටයි.

අක්කර 20 කට ආසන්න ප්‍රදේශයක් වසා පැතිර ගිය මීතොටමුල්ල කසළ කන්දට තමන්ගේ ජීවිත ගිල ගන්නට ඉඩ නොදී ආරක්ෂා වෙන්නට තමන් සතු සියලු ශක්තිය යෙදවූ කීර්තිරත්න මහතාට අද අත්ව ඇත්තේ කෙබදු ඉරණමක් ද?

අලුත් අවුරුද්ද සමරමින් සිටි මීතොටමුල්ල - දහම්පුර ප්‍රදේශවාසීන් භීතියට පත් කරමින් මීතොටමුල්ල කසළ කන්ද පුපුරා හැලුණා.

අනතුරින් ප්‍රදේශවාසීන් ගණනාවකට ජීවිත අහිමි වෙද්දී ඒ වේදනාව කීර්තිරත්න මහතාට ද උරුම වන්නේ දෛවයේ සරදමකට මෙන්.

මේ අනතුරින් කීර්තිරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූ 67 හැවිරිදි චන්ද්‍රා මානෙල් පෙරේරා මහත්මිය මියගියා.

එමෙන්ම තමන්ගේ බෑණනුවන් වූ 42 හැවිරිදි ටී.කේ. අරවින්දත් මිණිබිරිය වූ දස හැවිරිදි යසංගා හිමිදිරී වරංගනා මීතොටමුල්ල කසළ කන්ද ගිලගෙන ඇත්තේ කීර්තිරත්න මහතාට දුක තව තවත් උරුම කරමින්.

ඊට අමතරව කීර්ති රත්න මහතාගේ දියණිය වූ 39 හැවිරිදි නිලූ චාමිකා තුෂාරිනි ද සිද්ධියෙන් අතුරුදන්.

මිනිසුන් වෙනුවෙන් නොනවතින අරගලයක පෙරගමන්කරුවෙකු වූ කීර්තිරත්න පෙරේරා මහතා අද තමන්ට අහිමිවිය හැකි සියලු දේ අහිමි වූ පුද්ගලයෙක්.

නිසි කළමනාකරණයකින් විසඳිය හැකි ගැටලුවකට බලධාරීන් මැදිහත් නොවීම මේ තරම් ඛේදවාචකයක් උරුම කරද්දී අසාධාරණයන්ට එරෙහිව අරගල කරන මිනිසුන්ට එම ගැටලුව පරාවළල්ලක් වීම කෙතරම් අකාරුණිකද?

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top