Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
මීතොටමුල්ල කඳුලු කන්ද ජීවිත 30 ක් බිලිගනී - ගමම හඬවමින් 17 ක් අද අවසන් ගමන් ගිය හැටි - Video & Photos

- මීතොටමුල්ල කඳුලු කන්ද ජීවිත 30 ක් බිලිගනී - ගමම හඬවමින් 17 ක් අද අවසන් ගමන් ගිය හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,823 Views
"මගේ පණවල් දෙක යන්නේ අම්මව දාලා"

"මම අතින් අල්ලන් එක්කන් යන්නේ හැමතැනම"

මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් තවදුරටත් පුද්ගලයන් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව ද මේ වන විට 30 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු කිහිපයක් හමුවීමත් සමගයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද දිනයේත් මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සඳහන් කළේ තවත් 10 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට විශ්වාස කරන බවයි.

මේ අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි.
මේ අතර, නාය යාමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ තක්සේරු කටයුතු අද ආරම්භ කෙරුණා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු නිලධාරිනී පී.ඩී.ඩී.එස්. මුතුකුමාරණ කියා සිටියේ අදාළ තොරතුරු මේ වන විට එක්රැස් කර තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බවයි.  

මීතොටමුල්ල කසල කන්ද නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් 17 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඉන් 14 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ කොළොන්නාව පොදු සුසාන භූමියේදියි.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අවසන් කටයුතු මාළිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ සිදුකෙරුණා.

කෙසේ වෙතත්, දේහයන් සඳහා රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ද මතු වුණා.

එහිදී දැක ගත හැකි වූයේ රෙදි පටිවලින් බැඳ එම මිනී පෙට්ටි ඥාතීන් විසින් රැගෙන යන ආකාරයයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් ද කළුකොඩි රැගෙන අවමංගල්‍ය පෙරහරේ ගමන් කළා.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ පසුගිය 14 වන දින පස්වරු 3ට පමණයි.

ඒ හේතුවෙන් කසල කන්දට මායිම්ව පිහිටි නාගහමුල්ල - දහම් මාවත සහ 23 වත්ත ප්‍රදේශවල නිවාස 140ක් පමණ විනාශයට පත්වුණේ ජනතාව එම නිවෙස්වල රැදී සිටියදියි.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ 7 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Wen Wenna Nam - Manjula Thushara Jayathilaka
Wen Wenna Nam
Manjula Thushara Jayathilaka
⤵  1,362 Downloads

Maa Dawa - Nuwan Deshapriya
Maa Dawa
Nuwan Deshapriya
⤵  1,505 Downloads

Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  5,252 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  1,286 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,761 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,403 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,619 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,689 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,688 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,894 Downloads



Top 10 Commenters

Latest Comments

Top