Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
අඩ නිරුවත් වෙවී අඩ නිරුවත ගැන යුරේනි දැන් කියන කතාව - Photos

- අඩ නිරුවත් වෙවී අඩ නිරුවත ගැන යුරේනි දැන් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

97,333 Views
"කැමරාව ඉදිරියේ ගණිකාවක් වෙන්න මම ලජ්ජා වෙන්නේ නැහැ"

"ලංකාවේ මිනිස්සු තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ ..ඒකයි ප්‍රශ්නේ"

"තවම මම තනිකඩයි. පෙම්වතෙක් නැහැ"

සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක්ම ඉන්නවා. ඒ අතරින් යුරේනි නෞෂිකා මුලින්ම ඉන්න රංගන ශිල්පිණියක් හැටියට හඳුන්වන්න පුළුවන්. යුරේනි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක්. මේ දවස්වල හිරු මෙගාස්ටාර්ස් වේදිකාවේ නටන ඇය ගොසිප් මවන්නියක් නිසා හිරු ගොසිප් එක්ක කතා බහකට එකතු කරගත්තා. මේ ඇය ගැනයි.

මේ දවස්වල යුරේනි අඩව් කස්තිරම් ඔක්කොම අල්ලලා නටනවා නේද ..?
ඔව්. මේ දවස්වල හොඳටම බිසී. හිරු මෙගාස්ටාර්ස් නිසා.හොඳට නටනවා. පුහුණුවීම් එක්ක.

කණ්ඩායම කිරුළු දරයිද...?
අපි සුර්යන්ස් කණ්ඩායම නිරන්තරයෙන්ම මෝටිවෙට් වෙනවා.  හැමෝම උනන්දුයි.එක එක විදිහට දක්ෂතා පෙන්වනවා. අපි හැමෝම උත්සහා කරනවා හොඳ තරගයක් දෙන්න. බලමු දිනයිද කියලා.

පුංචි තිරය එපා වෙලාද යුරේනිව දකින්නවත් නැත්තේ...?
පුංචි තිරය නම් එපා වෙලා නැහැ. ඒත් හොඳ නිර්මාණ බිහි වෙනවා අඩුයි. හොදම චරිතයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. නමුත් කොටස් පනහක් විතර තියන ටෙලි නාට්‍ය විතරයි.

මෙගාවලින් ජනප්‍රිය වුණ යුරේනිට දැන් මෙගා අරහන් වෙලාද...?
දැන් නිර්මාණය වෙන මෙගා ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඒවා නිර්මාණාත්මක නැහැනේ. මම කැමති නැහැ මාව එකම විදිහට දකින්න. මට ඕන වෙනස්ම චරිත වලින් මේ ක්‍ෂෙත්‍රයේ රැඳෙන්න. මම උත්සහා කරන්නේ නිතරම හොඳ දෙයක් කරන්නයි. ඉතින් අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මානසික මට්ටමක්ද ඔබට තියෙන්නේ. කැමරාව ඉදිරියේ යුරේනිට ගණිකාවක් වෙන්න කිව්වොත් ..?
යථාර්ථය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ජිවිත ගත කරන මිනිස්සුන්ගේ ජිවිත තමයි අපි කැමරාව ඉදිරියට ගේන්නේ. ඒකනේ නිළිකම කියන්නේ. නිළියක් නළුවෙක් විදිහට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න බැරි නම් වැඩකුත් නැහැ. මම නම් භය නැතිව ඒ චරිතය භාර ගන්නවා. ලජ්ජවෙන්නෙත් නැහැ .නමුත් මම විශේෂයෙන්ම අධ්‍යක්ෂක කව්ද කියලා බලනවා. මම රඟපෑවට වැඩක් නැහැ. අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණය හොඳ නැති නම්.

අඩනිරුවත් වෙන්නේ නැහැ කිව්වට යුරේනි බොහෝ වෙලාවට අඩනිරුවත් වෙනවා නේද..ජනප්‍රියත්වය වැඩි කරගන්නද එහෙම කරන්නේ..?
ලංකාවේ අඩනිරුවතින් නිර්මාණවලට ඉන්න බැහැනේ. ලංකාවේ ඉන්නේ තවමත් ගල් යුගයේ ජිවත් වෙන මිනිස්සු. මොන දේ කරත් වැරදියට පෙන්නේ. හොඳ මානසිකත්වයකින් බලන්න අපේ මිනිස්සු දන්නේ නැහැ. පිටරටවල්වල එහෙම නැහැ. ඒ නිසා මොන දේ කරන්නත් කලින් දෙපාරක් හිතන්න ඕන. මම අඩනිරුවත් වෙන්නේ ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි.

යුරේනි ශරීරය බාගයක් ඇරෙන්න විලාසිතා කරන කෙනෙක් නේද...?
මම කැමති විලාසිතා මම කරනවා. මගේ ශරීරයට ගැලපෙනවා නම් කව්රු මොනවා කිව්වත් මට අදාළ වෙන්නේ නැහැ. මට ලස්සනයි නම් මම අඳිනවා. ඒක වෙන කෙනෙක්ට අපහසුවක් වෙන්න විදිහක් නැහැනේ.

චිත්‍රපටිවලට සම්බන්ධ වෙන්නෙත් නැද්ද..?
මම රඟපෑව චිත්‍රපටි දෙකක් ලඟදීම විකාශය වෙනවා.

ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ඇත්තද ..?
තවම මම තනිකඩයි. පෙම්වතෙක් නැහැ පෙම්වතියක් වෙන්න.

මේ වෙනකොට කීදෙනෙක්ට ආදරේ කරලා තියනවද ..?
එක්කෙනෙකුට ආදරේ කරන්න  මම නම් ඉන්නේ ගල් යුගයක නෙමෙයි. මම කිහිප දෙනෙකුට ආදරේ කරලා තියනවා. නොගැලපීම් නිසා වෙන් වුණා.

විවාහය ගැන හිතන්නෙත් නැද්ද ...?
මගේ දෛවයේ ලියැවුණු කෙනා එනකල් ඉන්නවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  4,879 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  10,224 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,110 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  8,172 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,407 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,821 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,981 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,056 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,485 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  17,824 Downloads



Top 10 Commenters

Latest Comments

Top