මාවුස්සාකැලේ ජලාශයේ ජල මටිටම අඩුවිමත් සමගම විශේෂිත අලංකාර මල් වර්ගයක් හටගෙන තිබෙනවා. එය දැක බලා ගැනිමට විශාල පිරිසක් ජලාශයට පැමිණෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 60% දක්වා පහළ බැසීමත් සමග එම ජලාශයේ විශේෂිත මල් වර්ගය පිපි තිබෙන බවයි වාර්තාවන්නේ.
එම ජලාශයට ජලය ගලා බසින මස්කෙළිය ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන ශ්‍රීපාද මිරියාකෝට්ට රක්‍ෂිතයේ තිබෙන විශේෂ මල් වර්ගවල බීජ මස්කෙළිය ඔය දිගේ පහළට ගලාගෙනවිත් ජලාශයේ තැන්පත් වී ජල මටිටම අඩුවීමත් සමග මෙම මල් පිපි ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
මෙම විශේෂ වු මල් වර්ගය දැක බලා ගැනිමට ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ද එක්ව තිබෙනවා.