Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
Update - මීතොටමුල්ල කුණු කන්ද 26 ක් බිලිගනී - Video

- Update - මීතොටමුල්ල කුණු කන්ද 26 ක් බිලිගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

101,108 Views
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් මියගිය පිරිස 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර කුඩා දරුවන් හයදෙනෙකුද වනවා.

මේ අතර මීතොටමුල්ල සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ කඩිනමින් සිදුකර එම සිරුරු ඥාතීන් වෙත භාර දෙන ලෙස අධිකරණය අද (16) නියෝග කළා.

ඒ, මීතොටමුල්ලේ සිද්ධිය පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි.



----------------------------------------------------

20 කට දිවි අහිමි කළ මීතොටමුල්ල කඳුලු කන්ද ඇතුලේ තවත් ඛේදවාචකයක් - Video - 

"අපි කුණු දාන්න එපා කියලා උද්ඝෝෂණ කරනකොට මේ පොලිසියෙන් ඇවිත් ගැහුවේ"


"නගරාධිපතිලා , කොළඹ නගරසභාවේ උන් ඇදපු කුණුවලට මේ මිනිස්සු යටවුනේ උන්ගෙ එක ලොරියක් නැහැ"

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කුණු කන්ද කඩා වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව ඇති තවත් නිවාස 130 කට අධික ප්‍රමාණයක් නායයාමේ අවදානම හේතුවෙන් එම නිවාසවල පදිංචි ජනතාව ඉවත් කිරිමට නිර්දේශ ඉදිරිපත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.

කුණු කන්ද නායයාමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ විශේෂඥ කණ්ඩායමක් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරක්ෂණ කටයුතු සදහා ඊයේ දිනයේදි කැදවා තිබුනා.

ඒ අනුව, සිදුකළ නිරීක්ෂණයන් අනුව මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

අදාළ ප්‍රදේශයේ ජල මාර්ග අවහිර වීමත් සමග සුළු ගංවතුර තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් යළි නායයාමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.   

නිවාස 145 කට කුණු කන්ද කඩාවැටීමෙන් හානි සිදුව ඇති අතර, පවුල් 180 කට අයත් පුද්ගලයන් 625 දෙනෙකු ඒ හේතුවෙන් අවතැන්වී තිබෙනවා.

අවතැන්වූවන්ට තාවකාලික නවාතැන් ලබාදී ඇත්තේ  කොළොන්නාව - ටෙරන්ස් එන් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජා ශාලාවලයි.

ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙනවා.

යුද හමුදාව ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 650 ක බලකායක් මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද මීතොටමුල්ලේ මෙහෙයුම්වලට එක්ව සිටින බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බෙල් 212 සහ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා තුනක්ද අවශ්‍යතා මත යෙදවීම සඳහා සූදානම් කර  ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.

මේ අතර, මීතොටමුල්ලේ විනාශයට පත්වූ නිවාසවල බඩු බාහිරාදිය ආරක්ෂක අංශවල සහයෙන් ඉවත්කරගන්නා ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විපතට පත්වූවන්ට උපදෙස් ලබාදී තිබුණා.

ආපදාවට ලක්වූ නිවාස වල මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කළ 20 දෙනෙකු ද ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළා.

එමෙන්ම, ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහන කටයුතු සදහා අවශ්‍ය සියලු පියවරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

අදාළ සිදුවීම අප ඊයේ වාර්තාකළ අයුරු පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  4,879 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  10,223 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,110 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  8,172 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,407 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,821 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,981 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,056 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,485 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  17,824 Downloads



Top 10 Commenters

Latest Comments

Top