Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
Update - මීතොටමුල්ල කුණු කන්ද නිසා මියගිය ගණන තවත් වැඩිවෙයි - Photos

- Update - මීතොටමුල්ල කුණු කන්ද නිසා මියගිය ගණන තවත් වැඩිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70,772 Views
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ, තවත් පුද්ගල මළ සිරුරු 5 ක් අද සොයාගැනීමත් සමගයි.

එමෙන්ම මෙහිදී තුවාල ලැබූ හත්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.



---------------------------------------------
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් නිවාස 145 ක හානි සිදුවී පවුල් 180 ක් අවතැන්ව ඇතිබව පොලිසිය පවසනවා.

ඒ අතර පුද්ගලයින් 625 ක් සිටින බවයි වාර්තාවන්නේ.

---------------------------------------------------------------------
Update - 08:37:54
අලුත් අවුරුදු දා මීතොටමුල්ල කුණු කන්දට යටවුනු ළමයින් 4ක් ඇතුළු 10කට අත්වූ සෝචනීය ඉරණම - Photos & Video

"බැකෝ එකක් පාත්වෙලා , රෝල් වෙලා ආවා. ගෙවල් ඔක්කොම කන්දට යටවුනා"

"මහජනයාව කුණු ගොඩට ගත්තේ ඇයි"

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් යට වූ නිවෙස්වල සිටි පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනෙකු වන බවයි.

ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමයින් හතරදෙනෙකු ද වන බව සඳහන්.

එමෙන්ම, ඊයේ දිනයේ කුණු කන්දට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අතර, තවදුරටත් එහි පුද්ගලයින් හත්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මීතොටමුල්ල - දහම්පුර ප්‍රදේශයේ නිවාස රැසක් ඊයේ ගිලා බැසීමට සහ ආපදාවට ලක්වුණා.

නිවාස 40 කට වැඩි සංඛ්‍යාවකට එහිදී හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

කුණුකන්ද කඩාවැටීමෙන් යටවූ නිවාස තුළ සිර වූ බවට පැවසෙන පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ත්‍රිවිධ හමුදාවේ 400 කට ආසන්න බලඇණියක් ඇතුළු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම සිද්ධියෙන් විපතට පත් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් මීතොටමුල්ල - රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.

මේ අතර, එම ස්ථානයට පැමිණි අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි ඇතුළු පිරිසකටද ප්‍රදේශවාසීන් ඊයේ විරෝධය පළ කළා.

එසේම පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයාද ඊයේ එම ස්ථානයටද පැමිණ අදාළ කටයුතු නිරීක්ෂණය කරනු ලැබුවා.

රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සහන කටයුතුවලට බාධා වන නිසා එම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසයි.

මේ අතර, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබුණා.

අදාල සිදුවීම අප ඊයේ දිනයේ වාර්තාකළ අයුරු පහතින් බලන්න



ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  1,928 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,277 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  45,086 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  4,988 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  10,418 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,135 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,833 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  404 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  24,651 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,929 Downloads



Top 10 Commenters

Latest Comments

Top