Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
අලුත් පරම්පරාවේ විලාසිතා ගැනත්, මේ යන රැල්ල ගැනත් මම නම් සතුටු වෙන්නේ නැහැ - මේධා ජයරත්න - Exclusive - Photos

- අලුත් පරම්පරාවේ විලාසිතා ගැනත්, මේ යන රැල්ල ගැනත් මම නම් සතුටු වෙන්නේ නැහැ - මේධා ජයරත්න - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,551 Views
තවම මේධාව එයා පිටපතකට අරගෙන නැහැ.

විදෙස් ගත වුණේ සැමියාගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසයි

මේධා ජයරත්න කියන්නේ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිණියක්. ඇය නිර්මාණ කිහිපයක නිෂ්පාදන දායකත්වයත් ලබා දී තිබෙනවා. වර්ෂ කිහිපයක් විදෙස්ගතව සිට නැවත ලංකාවට ආ මේධා යළිත් රඟපාන්න පටන් අරගෙන. හිරු ගොසිප් එක්ක කතා බහ කරන්න මේධාව එකතු කරගත්තා. මේ ඇය හිරු ගොසිප් එක්ක කළ සංවාද සටහනයි.

මේධා ලංකාවට ආ ගමන්ම රඟපාන්න පටන් ගත්තා නේද...?
ඔව්. රංගනයෙන් අවුරුදු තුනක් විතර ඇත් වෙලා ඉඳලා තමයි ආයෙමත් රඟපාන්න පටන් ගත්තේ.

දැන් දිගටම රඟපානවද නැත්තම් නැවතත් විදෙස් ගත වෙනවාද...?
විදෙස් ගත වුණේ සැමියාගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසයි. ඒ වැඩ අවසන් කරලා අපි ලංකාවට ආව නිසා දැන්මම නම් විදෙස් ගත වෙන්න කොහෙත්ම අදහසක් නැහැ.

කාලයක් පෙනෙන්න හිටපු නැති මේධාව ආයෙමත් දකින්න ලැබෙද්දී ප්‍රේක්ෂකයින්ගෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ ...?
රඟපාන්න පටන් ගත්තාට පස්සේ ආයෙමත් සුපුරුදු විදිහට ප්‍රතිචාර ලැබෙනවා. හැමෝටම මාව මතක තියන එක ගැන සතුටු වෙන්න පුළුවන්.

ඔබව මතක තියෙන එක ගැන සතුටුයි කිව්වේ රංඟනයට එන නවකයින්ට ප්‍රවීනයින්ට වඩා ප්‍රතිචාර ලැබෙන නිසාද ...?
රංඟනයට නම් ඕන තරම් නවකයින් එනවා. ඒ අයට ප්‍රතිචාර ලැබෙනවා ඇති. නමුත් මම කිව්වේ ඒ අදහසින් නෙමෙයි. ප්‍රවීණයින් හැමදාම කළේ මතක හිටින නිර්මාණාත්මක නිර්මාණ. ඒ චරිතවල රඟපාන්න තිබ්බා. ඒ වගේම මිනිස්සුන්ට ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒ නිසයි අපිව ජනතාවට මතක.

මේධා එකපාරටම ලංකාවට ආවට පස්සේ බොහෝ නවකයින්  එක්ක වැඩ කරන්න පටන් ගන්න ඇති. ඒ අය ඔබ නිළියක් කියලා හඳුන ගත්තාද ...?
දැන් අපිට වැඩ කරන්න වෙනවා ප්‍රවීනයින් වගේම නවකයින් එක්ක. බොහෝ අය මාත් එක්ක නම් සුහදව කතා කරනවා.මට ආදරේ කරන්නේ ඒ අය නිළියකටත් වඩා නිවේදිකාවක් විදිහට. ඒ අය පාසල් යන කාලේ මම කළ වැඩසටහන් රස වින්දා කියන අයත් ඉන්නවා.

අලුත් නිර්මාණ ගැන කිව්වොත්...?
ලංකාවට ආවට පස්සේ නිර්මාණ පහකට විතර සම්බන්ධ වුණා. ආරාධනා ලැබෙන අවස්ථාත් තියෙනවා. අපිත් හොද නාට්‍යයක් කළා. මම රගපෑ නිර්මාණයක් හිරු ටි.වී විකාශය වුණා.වස්සාන ප්‍රේමය නාට්‍ය. ඒකට විශාල ප්‍රතිචාරයක් මට ලැබුණා.

ඔබේ සැමියා නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය වල ඔබට චරිතයක් වරදින්නේ නැහැ නේද..?
එයා නිෂ්පාදනය කරන අධ්‍යක්ෂණය කරන නිර්මාණ වලට මටත් චරිතයක් තියනවා. නමුත් මම ඔහුගේ බිරිඳ නිසා ඒ අවස්තාව ලැබෙනවා නම් නෙමෙයි. මම හොඳට චරිතය කරයි කියලා විශ්වාස කරන නිසා මම චරිත ලැබෙනවා. ඒවා එකිනෙකට වෙනස්. සමහර විට මට ඉදිරියේදී ඔහු අතින් චරිතයක් පිටපත් වෙන්නෙත් නැති වෙයි.

ඔබේ සැබෑ චරිතයද ඔහු අතින් ලියැවෙන්නේ..?
අනේ නැහැ. තවම මේධාව එයා පිටපතකට අරගෙන නැහැ.

රංගනයට එකතු වෙන අලුත් පරම්පාරාව ගැන මොකද හිතන්නේ.. හිට් වෙන්න හිතාගෙන බොහෝ අය අඩනිරුවත් වෙනවා..?
මේ යන රැල්ල ගැන නම් මම සතුටු වෙන්නේ නැහැ. අලුත් පරම්පරාවේ විලාසිතා ගැනත් මම නම් සතුටු වෙන්නේ නැහැ. ඇඳුමට වඩා වැදගත් වෙන්නේ රංගනයේ ප්‍රබලත්වයයි කියලයි මම නම් හිතන්නේ. ප්‍රවීණයින් රංගනයේදී ස්ථාවර වුනා නම් ස්ථාවර වුණේ චරිතයට හා රංඟනයටයි.

පවුල එක්ක කාලය ගත කරන්න වෙලාවක් තියනවද. .?
පුතාගේ වයස 13යි . දුවට 4යි. මගේ සැමියා සුරංග ලක්මාල්. මට වඩා කාර්යබහුල ඔහුයි. හැම වැඩක් එක්කම පවුල් ජීවිතය සතුටින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.විවේකය හොයා ගන්නවා. හොයා ගන්න බැරිකමක් නැහැ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,155 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,139 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,946 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,961 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  46,273 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,154 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,464 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,589 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,600 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,146 Downloads



Top 10 Commenters

Latest Comments

Top