Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
12
මුල් කාලේ මටත් අයුතු යෝජනා ඕනතරම් ඇවිත් තියෙනවා - තරුෂි පෙරේරා - Exclusive

- මුල් කාලේ මටත් අයුතු යෝජනා ඕනතරම් ඇවිත් තියෙනවා - තරුෂි පෙරේරා - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,415 Views
ජනප්‍රිය අයට කටකතා හැදෙන්න ඇඳුම් පැළඳූම් බලපානවා

මට ඕන වුණේ  නැහැ අනවශ්‍ය දේවල් කරලා  තැනක් හදා ගන්න

තරුෂි පෙරේරා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා සෑහෙන කාලයක් වුණත් නිර්මාණවලට රංගන දායකත්වය ලබා දෙන්නේ  සීමිතවයි. ඒ නිසා ඇයව නිරන්තරයෙන් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඇය රංගනයට සම්පුර්ණයෙන්ම සමුදීලා කියලත් රාවයක් පැතිරෙනවා. ඒ නිසා ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඇය අපත් එක්ක කළ කතා බහයි.

තරුෂි සම්පුර්ණයෙන්ම රංගනයට සමු දීලා කියලයි ආරංචිය .ඇත්තද ...?
මම එක දිගට රගපාන කාළෙත් මගෙන් හුඟදෙනෙක් ඇහුවා ඔයා රඟපාන එක නතර කරන්න යනවා කියලා ආරංචියි ඇත්තද කියලා.තවත් ඒ කතාව පැතිරෙනවා. මේ කතාව පතුරන්නේ අපේ අයමයි. ඒකට හේතුව නම් මම දන්නෙත් නැහැ. නමුත් මම නම් තීරණය කරලා නැහැ තවම රංගනයෙන් සමු ගන්නවා කියලා.

විවාහය කියන්නේ ගැහැණියකට සිමා වැටෙන බැඳීමක්. තරුෂිගේ විවාහයත් රංගනයට බාදාවක් වුණා කිව්වොත් ...?
මම විවාහ වුණාටත් පස්සේ රඟපැවා. පුතා ඉපදෙන්න මාස පහක් තියෙද්දීම රඟපාන්න මට පුළුවන් වුණා. පුතා ඉපදුණාට පස්සේ නම් මම රගපැවේ නැහැ . දැන් හරියටම අවුරුදු 3ක් මම රංගනයට සම්බන්ධ වෙලා නැහැ . විවාහය කියන්නේ කොහෙවත් ඉන්න දෙන්නෙක්ගේ එකතු වීමක් . ඒ බැදීම ඇතුළේ ආදරය ආරක්ෂාව හැමදේම තියනවා. විශේෂයෙන්ම එකෙනේකාට තේරුම් ගන්න ඕන. ආදරේ කරන කාලේ කියන සමහර දේවල් වගේම නිදහස ඉබේටම විවාහයේදී නැති වෙනවා. මම පහුගිය අවුරුදු තුනේම කළේ මගේ සැමියාව තේරුම් ගැනීම හා පවුල කියන බැදීම කොයි විදිහටද ශක්තිමත් කරන්න මම දායක වෙන්න ඕන කියන කරනව ගැනයි. හැම පවුලක වගේම අපේ පවුලේත් රණ්ඩු වීම තිබ්බා. ආයෙමත් යාළුවෙලා ආදරෙන් ඉන්නවා. දැන් මේ ලෝකේ ඉන්න හොදම සැමියා මට ඉන්නේ . මගේ පුතාට හොදම තාත්තා කෙනෙක් ඉන්නේ. ඔහු මාව තේරුම් ගන්නවා. ඒ නිසා රංගනයට දැන් බාදාවක් නැහැ.

අවුරුදු තුනකට පස්සේ  රංගනයට දායක වෙන්නේ මොන වගේ නිර්මාණයකින්ද ..?
ගැබ් ගත්ත අම්මා කෙනෙක්ගේ චරිතයකින්. ඒ චරිතය හරිම ලස්සනට කතාව පුරාම ගලාගෙන යනවා. දරුවා ලැබෙනවා .ඊට පස්සේ ඇගේ දරුවන් දෙන්නා වගේම හදා ගන්න දරුවන් දෙන්න එක්ක ජිවිතේ ඔට්ටු අල්ලන හැටි නිරුපනය පෙන්නේ. තරුණ කාලේ  ඉදලා වයසට යන කාලේ දක්වා රගපාන්න තියනවා.

මේ යන රංගන රැල්ලෙන් තරුෂි ප්‍රතික්ෂේප වෙලාද ..එහෙම නැත්තම් ඔබ නිර්මාණ ප්‍රතික්ෂේප කරනවද ..?
පහු ගිය කාලය පුරාවටම හොද නිර්මාණ වලට මට ආරාධනා ලැබුණා. නමුත් පුතා නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. රගපාන්න පටන් ගත්තාට පස්සේ තමයි මම ප්‍රතික්ෂේප කරනවද  මාව ප්‍රතික්ෂේප පේනවද කියලා බලන්න ඕන. හැමදාම වගේ මම රගපාන්නේ හොදම නිර්මාණවල විතරයි. මාව නිර්මාණවලට  ඕන අධ්‍යක්ෂකවරු මාව ගනීවි.

තරුෂිට කට කතා හැදිලා තියනවද ..?
කට කතා හැදිලා තියනවද කියලා මම දන්නේ නැහැ. මම දන්නා විදිහට නැහැ .

ජනප්‍රිය අයට කට කතා හැදෙන්න ඇදුම් පැළදුම් හේතුවක් වෙනවා කිව්වොත් ...?
අනිවාර්යයෙන්ම ඔව්. මම වුණත් හරිම සංවර විදිහට අදින්න නිතරම උත්සහා කරනවා.

රංගනයට අවතීර්ණ වෙන කාලේ  බොහෝ තරුණ නිළියන්ට අයුතු යෝජනා එනවා කියනවා. සමහර අය පැවැත්ම හදා ගන්න  ඒ  යෝජනා පිලිගන්නවා කියලත් කියනවා . ඔබටත් එවන් යෝජනා ඇවිත් ඇති ...?
 ඒ කතාව ඇත්තකුත් තියනවා. මටත් එවැනි යෝජනා ඕන තරම් ඇවිත් තියනවා. නමුත් මම දන්නවා මනුස්සයෙක් හැරෙනකොට කතා බහා කරනකොට ඒ  ඇයි කියලා. මට ඕන නැති නම් මම පරිස්සම් වෙන්න ඕන. මට ඕන වුණේ  නැහැ අනවශ්‍ය දේවල් කරලා  තැනක් හදා ගන්න. මම මගේ පැවැත්ම හදා ගත්තේ මගේ රංගන දක්ෂතාවයෙන් .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  4,701 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  6,884 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  11,663 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,282 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,110 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,552 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  47,310 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,920 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  20,584 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  7,981 Downloads



Top 10 Commenters

Latest Comments

Top