මියගියායැයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් පණ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.
බිළිදාව ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී එක්වරම හඩන්නට පටන්ගත් නිසා සියල්ලෝම කලබල වී දරුවාව නැවතත් රෝහල්ගත කර ඇත.
උපතේදීම පෙනහලූ වල ආබාධයක් තිබූ නිසා බිළිදා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. දින දෙකක් ගතවූ පසු බිළිදා හුස්ම ගැනීම නැවතූ හෙයින් බිළිදා භාරව කටයුතු කළ වෛද්‍යවරයා සිතා ඇත්තේ බිළිදා මියගිය බවයි.
කෙසේ නමුත් එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුගේ වෛද්‍ය බලපත්‍රයද අහෝසි කිරීමට බළධාරීන් පියවර ගෙන තිබෙනවා.